අද වන විට ලොව පුරා සිටි කොවිඩ් 19 වෛරසයේ ආසාදිතයින් ගණන 166,192,618කි. මරණ ගණන 3,450,717කි. බොහෝ දෙනෙකු සුව වී ඇති බව පැවසුණ ද, අදටත් 15,780,911 දෙනෙකු පසු වන්නේ රෝහල් තුළ ය. එයිනුත් 98,749කගේ තත්ත්වය අතිශයින් බරපතල බව කියවේ. මෙම ගණන් දිනෙන් දින වැඩි වනවා මිස අඩු වන බවක් පෙනෙන්නට නැත. ලොව පුරා රටවල් හා බල ප්‍රදේශ 220ක පැතිර තිබෙන මෙම ගෝලීය වසංගතයෙන් මේ වන විට මුල් තැන ගෙන සිටින්නේ වසංගතයේ සමාරම්භකයා වූ චීනයත් ඇමරිකා එක්සත් ජනපදයත් නොව ඉන්දියාව යි.
ආසාදිතයින් ගණන හැකි පමණින් අඩු කර ගැනීමේ අරමුණින් කොවිඩ් 19 වෛරසය සඳහා ප්‍රතිජීවක එන්නතක් සොයා ගැනීමට රටවල් කිහිපයක් මුල පටන් ම උත්සාහ කළහ. ඒ වෑයම සාර්ථක කරමින් මේ වන විට එන්නත් නවයක් සූදානම් කර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට හැකි වී තිබෙන බව පෙනේ. ෆයිසර් බයෝටෙක්වරුන්ගේ Comirnaty (BNT162b2), ඇමරිකාවේ mRNA-1273, චීනයේ SinoVac, Cinopharm සහ Cancino, එක්සත් රාජධානියේ AstraZeneca (AZD1222), රුසියාවේ Sputnik V සහ EpiVacCorona මෙන් ම ඉන්දියාවේ Covaxin යනු එම එන්නත් නවය වේ.
කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් රටවල් බොහොමයක් වරින් වර හුදෙකලා කෙරිණි. ජනතාවට සිය රැකියාවල යෙදීම අසීරු විය. ගමනාගමනය ගැටලු සහගත විය. එක් එක් රටෙහි ආර්ථිකය වරින් වර බිඳ වැටිණි. ඒ මතට එන්නත් මිළ දී ගැනීමේ අවශ්‍යතාව ද පැමිණි කල්හි ධනවත් රටවලට කෙසේ වෙතත් තුන්වන ලෝකයේ රටවලට නම් එය විශාල මූල්‍යමය බරක් බවට පත් වී තිබේ. වෛරසයෙන් බැට කන සියලු රටවල් පාහේ මෙම එන්නත්වලින් එකක් හෝ ලබා ගැනීමට පටන් ගෙන තිබෙන බැවින් මෙම වර්ෂය අවසාන වන විට ලෝක ආර්ථික මට්ටම බොහෝසෙයින් පහළ යාමේ අනතුරක් ද තිබේ. එන්නතෙහි නිෂ්පාදක රටවල වෙසෙන ජනතාවට නම් ඔවුන්ගේ රටෙහි නිෂ්පාදනය කරන ලද එන්නත නොමිළයේ ලබා ගැනීමේ පහසුකම් සැපයීමට අදාළ රජයයන් බලාපොරොත්තු වන බව පෙනේ. එහෙත් අනෙකුත් සියලු රටවල් එය මිළ දී ගත යුතු ව තිබීම ගැටලුවකි.
එක් එක් රටවලට දැරීමට සිදු වන පිරිවැය.
වෝර්ප් ස්පීඩ් මෙහෙයුම යටතේ, කොවිඩ් 19 එන්නත සංවර්ධනය කිරීම හා නිෂ්පාදනය කිරීම සඳහා අරමුදල් සැපයීමට ඩොලර් බිලියන 9කට ආසන්න මුදලක් ලබා දීමට ඇමරිකානු ෆෙඩරල් රජය පොරොන්දු වී තිබේ. මොඩර්නා ආයතනය සිය mRNA-1273 එන්නත සංවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ලබාගෙන ඇති අතර, එහි මාත්‍රා මිලියන 100ක් සඳහා අතිරේක ඩොලර් බිලියන 1.5ක් ද ලබා ගැනීමට අවශ්‍ය බව දන්වා තිබේ.
ෆයිසර් ආයතනය එහි ජර්මානු හවුල්කරු වන බයෝ එන්ටෙක් ආයතනය සමඟින් එක්වී මාත්‍රා මිලියන 100ක් සඳහා ඩොලර් බිලියන 1.95ක් ලබා ගෙන තිබේ. මේ වන විට එම එන්නත ශ්‍රී ලංකාව වැනි රටවල් කිහිපයක් විසින් ම ලබා ගෙන තිබේ.
එක්සත් රාජධානියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා ඩොලර් බිලියන 1.2ක් ලැබීමට නියමිත ව තිබෙන අතර එයින් මාත්‍රා මිලියන 300ක් ආවරණය කෙරේ.
ප්‍රථම වරට ලබා දෙන එන්නත් ප්‍රමාණය මාර්තු මාසයේ අග පමණ වන විට අවසන් වනු ඇති බවට ගණන් බලා තිබේ. ඉදිරි මාසවල දී එම රටවලට අමතර මාත්‍රාවන් ද මිළ දී ගැනීමට සිදු වනු ඇත. දැනටමත්, ෆයිසර් වෙතින් අතිරේක මාත්‍රාවන් මිලියන 500ක් මිළ දී ගැනීමට ඇතැම් රටවල් ප්‍රතිඥා දී ඇති බව සැළ වේ.
“මේ අවස්ථාවේ දී අප සියලුදෙනා වියදම් කළ දැවැන්ත මුදල් ප්‍රමාණය පෙර නොවූ විරූ ය. එය මීට පෙර කිසි දිනෙක සිදු නොවීය.” ඉන්දියානා විශ්ව විද්‍යාලයේ, කෙලී බිස්නස් ඔෆ් බිස්නස්හි, ව්‍යාපාර ආර්ථික විද්‍යාව හා රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්යවරයෙකු සහ ජාතික ආර්ථික පර්යේෂණ කාර්යාංශයේ පර්යේෂකයෙකු වන හයිෂෙන් ලින් මහතා පැවසීය.
තව ද නිෂ්පාදිත රටවල් විසින් මෙම කොන්ත්‍රාත්තුවලට ඇතුළත් වී තිබෙන බොහෝ තොරතුරු කිසිවෙකුටත් ප්‍රසිද්ධ කර නොමැති බව ද එය කිසියම් ආකාරයකින් සැකයට තුඩු දෙන බව ද ලින් මහතා තව දුරටත් පවසා ඇත.
එක් එක් මාත්‍රාව සඳහා කොපමණ මුදලක් වැය වේද?
එන්නත මත පදනම් ව එක් එක් මාත්‍රාව සඳහා පිරිවැය සාමාන්‍යයෙන් ඩොලර් 3 සිට 37 දක්වා පරාසයක පවතී.
මාත්‍රා දෙකේ එන්නතක් වන mRNA-1273 නිෂ්පාදකයින් මෑතක දී නිවේදනය කළේ එක් එක් මාත්‍රාව ඩොලර් 32 සිට 37 දක්වා වන බවයි. එසේ ම වන ෆයිසර් එන්නත සඳහා මාත්‍රාවක් සඳහා ඩොලර් 19.50ක් වැය වේ. ඇස්ට්‍රාසෙනෙකාගේ මාත්‍රා දෙකේ එන්නත සඳහා මාත්‍රාවකට ඩොලර් 3 සිට 4 දක්වා වන අතර එය වඩාත් ලාභදායී වන බව පෙනේ.
ආසියාවේ මෙන් නොව බොහෝ බටහිර රටවල් ජනතාවට නොමිළයේ එන්නත ලබා දෙන්නේ අදාළ පුද්ගලයා හට පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයක් තිබේ නම් පමණි. “නිදසුනක් ලෙස එක්සත් ජනපද බදු ගෙවන්නන්ගේ ඩොලර්වලින් මිළදී ගන්නා එන්නත් මාත්‍රාව කිසිදු වියදමකින් තොරව ඇමරිකානු ජනතාවට ලබා දීම ගැන තවදුරටත් කල්පනා කළ යුතු ය” යනුවෙන් රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (සී.ඩී.සී.) පවසයි. අදාළ රට තුළ ඇතැම් එන්නත් සපයන්නන් විසින්, එනම් රෝහල් විසින් ඒ සඳහා පරිපාලන ගාස්තුවක් අය කළ හැකි නමුත් පුද්ගලයන්ට එම ගාස්තුව නැවත ලබා දීමට ඇතැම් රජයයන්ට හැකි වනු ඇත.
දැනට ශ්‍රී ලංකාවට ලැබී ඇති එන්නත් මාත්‍රා ලක්ෂ 5 සඳහා මුදලක් වැය වී නොමැති අතර, මාත්‍රා දෙකක් වශයෙන් එන්නත් කරනු ලැබූ කල ශ්‍රී ලාංකිකයන්ගෙන් ලක්ෂ 2.5කට එන්නත ලබා දීමට හැකියාව තිබෙන බව පෙනේ. ඉතිරි මිලියන 20 සඳහා ම අදාළ රටවලින් ඉල්ලා සිටින තරමේ මුදලක් ලබා දී එන්නත් මිළට ගැනීමට සිදු වී තිබේ.
බෙදා හැරීම සහ පරිපාලන වියදම්.
ඉඳිකටු, සිරින්ජ සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ (පී.පී.ඊ.) අඩංගු සහායක කට්ටල එක් එක් රජය විසින් නිර්මාණය කර ගැනීමට සිදු වී ඇත. නැතහොත් එන්නතට අමතර ව එවැනි දේ සඳහා ද මුදල් වෙන් කිරීමට සිදු වුවහොත් රට තව තවත් අපහසුතාවට ලක් වනු ඇත. එන්නත සම්බන්ධ තවත් වියදම් කිහිපයක් අපැහැදිලි ය. බොහෝ රෝහල් සහ සිල්ලර ඔසුසැල්වල දී මෙම එන්නත් අධික ශීතල උෂ්ණත්වයක තබා ගත යුතු බැවින් ගබඩා පිරිවැය ද අධික වේ. එන්නත් ලබා දෙන සෞඛ්‍ය සේවකයින් හට මුදල් ගෙවීම හා පුහුණු කිරීම සඳහා ද අරමුදල් අවශ්‍ය වනු ඇති බව පෙනේ.
එබැවින් වසංගතයෙන් පසුව එන්නත සඳහා වන පිරිවැය ඉහළ යනු ඇතැයි විශේෂඥයෝ අපේක්ෂා කරති. ආරම්භක මාත්‍රාව රජය විසින් මිළදී ගනු ලබන අතර රජය විසින් ම සපයනු ලැබේ. එය අවසන් වූ පසු එන්නත සාමාන්‍ය පරිභෝජනය සඳහා මිළ කරන්නේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත. සාමාන්‍යයෙන්, එන්නත් පිරිවැය නියාමනය නොකෙරෙන හෙයින් එහි මිළ නියම කිරීමට පෞද්ගලික සමාගම්වලට නිදහස ඇති බව මහාචාර්ය ලින් පවසයි.
මුල් අදියරෙන් පසුව එළඹෙන පශ්චාත් වසංගත එන්නත් කිරීමේ පිරිවැය බොහෝ දුරට ඉල්ලුම මත රඳා පවතිනු ඇත. ප්‍රතිශක්තිය පවත්වා ගැනීම සඳහා වසර පුරා ම මිනිසුන් හට එන්නත් ලබා දීම අවශ්‍ය වේ ද? නැතහොත් වාර්ෂික ව එන්නත ලබා දීම ප්‍රමාණවත් වේ ද? යන්න තීරණය කිරීම සඳහා තවත් පර්යේෂණ අවශ්‍ය වේ. ඒ අනුව කිසියම් රජයක් විසින් දැරිය යුතු පිරිවැය ද ඉහළ යනු ඇත.
බලපෑම
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලොවට සිදු වී ඇති ආර්ථික බලපෑම අතිමහත් ය. බොහෝ ධනවාදී රටවල පවා ආර්ථික වර්ධන වේගය මේ වන විට පවතින්නේ ඍණ අගයක යි. මෙයට එක් හේතුවක් වන්නේ ජනතාව අතර මුදල් සංසරණය නොවීම යි. බොහෝ මූල්‍යමය ගනුදෙනු සිදු වන්නේ අන්තර්ජාලය හරහා පමණි. රටවල් තුළ නිෂ්පාදනය සිදු වන්නේ නැත. කෙසේ හෝ නිපදවා ගත්ත ද එම නිෂ්පාදිත භාණ්ඩ බෙදා හැරීම අපහසු ය.
මේ වන විට ණය ලබා ගෙන ඇති රටවලට එම ණය ගෙවා ගැනීමට නොහැකි වී ඇත. එහෙයින් අදාළ රට පමණක් නොව, එම ණය වාරිකවලින් ජීවත් වන ණය හිමි රටවල් ද අමාරුවේ වැටි තිබේ. රාජ්‍ය බැංකු පද්ධතිය බිඳ වැටී තිබෙන අතර, එය ජාත්‍යන්තර බැංකු පද්ධතියට ද බලපා ඇත. ලෝක ආර්ථිකය සම්පූර්ණයෙන් ම බිඳ වට්ටවන ආකාරයේ ගැටලු අටෝරාශියක් දිනෙන් දින නිර්මාණය වෙමින් පවතී.
මේ සියල්ල මධ්‍යයේ කොවිඩ් එන්නත වෙනුවෙන් ද මුදල් වැය කිරීමට සිදු වූ විට ගැටලුකාරී බව තව තවත් ඉහළ යනු ඇත. පළමු සහ දෙවන ලෝකයේ රටවල් ඉතා අපහසුවෙන් ප්‍රතිපාදන ගැට ගසා ගත්ත ද, සංවර්ධනය වෙමින් පවතින රටවලට එම එන්නත් ලබා ගැනීමට සිදු වන්නේ ණයට ය. විශේෂයෙන් ආසියාව, අප්‍රිකාව වැනි කලාප දැනටමත් සිටින්නේ ණය වී ය. ඒ මතට එන්නත් ණයත් පැමිණි කල ගණනය කළ නොහැකි තරමේ පරම්පරා ගණනාවක් ගත වන තුරු ණය බරින් නිදහස් වීමට ඔවුනට හැකි වන්නේ නැත. එන්නත නිෂ්පාදනය කෙරෙන රටවල් කිහිපය පොහොසත් වීගෙන යන අතර, මුදල් අහේනිය සහිත රටවල් ක්‍රමයෙන් තව තවත් අගාධයට ඇද වැටෙනු ඇත.
දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ එක් එක් රට සඳහා 20%ක පමණ එන්නත් ප්‍රමාණයක් සම්පාදනය වෙමින් පවතී. එහෙත් ඉතිරි 80% සපයා ගැනීමට සිදු වන්නේ ඔවුන්ට ම ය. එහෙයින් තුන් වන ලෝකයේ රටවලට සිදු ව තිබෙන්නේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හෝ /හා යුරෝපා සංගමය හරහා කිසියම් ආධාරයක් ලැබෙන තෙක් උඩ බලාගෙන සිටීමට ය. ඒ හැරුණු විට චීනය වැනි ඇතැම් නිෂ්පාදකයෝ එන්නත මිළට ගැනීමට අපහසුවෙන් සිටින රටවල් සඳහා කිසියම් මාත්‍රා ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට ද සැදී පැහැදී සිටිති. එහෙත් එවැනි ගිවිසුම්වලට එළඹීමේ දී සිය රටෙහි ආර්ථිකය පිළිබඳ පමණක් නොව පරිත්‍යාගශීලින්ගේ සැඟවුණු න්‍යාය පත්‍ර පිළිබඳ ද අවධානය යොමු කළ යුතු බව සැවොම දන්නා කරුණකි.
චීනයේ නොකී කතාව.
බ්‍රිතාන්‍යයේ “ද සෙන්ටර් ෆෝ ඉකොනොමික් ඇන්ඩ් බිස්නස් රිසර්ච්” පර්යේෂණ ආයතනය පවසන පරිදි ඊළඟ වසර 10 ඇතුළත ලෝක ආර්ථික බලවතුන්ගේ ස්ථාන පවා වෙනස් වනු ඇත. මේ වන විට මුල් තැන ගෙන සිටින ඇමරිකා එක්සත් ජනපදය පරදා ඉදිරියට එනු ඇත්තේ චීනය යි. ඇමරිකාව දෙවෙනි තැනට වැටෙන අතර ඉන්දියාව තුන් වන ස්ථානයත් ජපානය සිව් වන ස්ථානය සහ එක්සත් රාජධානිය පස් වන ස්ථානයත් ලබා ගනු ඇත. චීනය සොයා ගත් කොවිඩ් එන්නතෙහි සාර්ථකත්වය ද ඊට හේතු වනු ඇති බව කිය වේ.
තව ද මෙම සියලු අර්බුදවලට තුඩු දුන් කොවිඩ් 19 වෛරසය නිෂ්පාදනය කෙරුණේ චීනයේ බව මේ වන විට තහවුරු කරගෙන තිබේ. හැරත් ලොව පුරා දස දහස් ගණන් ආසාදිතයින් බිහි වද්දී අදටත් චීනයේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 90,944කි. එයිනුත් 86,005ක් ම සුවය ලබා ඇති අතර මරණ සිදු වී ඇත්තේ 4,636ක් පමණි. මොවුන් මෙම වසංගතය ඇති කළේ ලොව ආර්ථික බලවතා වීමේ පරම අභිලාසයෙනි. සැබැවින් ම ඔවුන් සැලසුම් කර තිබුණේ එරටින් එක් මරණයක්වත් වාර්තා නොවන අන්දමින් ලොව පුරා, විශේෂයෙන් මේ වන විට ආර්ථික මට්ටමෙහි ප්‍රථමයා ව සිටින ඇමරිකා එක්සත් ජනපදය පුරා රෝගය පැතිරවීමට ය. එහෙත් කුමක්දෝ හේතුවක් මත චීනයට මදක් වැරදී ගිය හෙයින් එරට ජනතාව ද මිය ගියහ. චීන ජනතාව රෝගය ද රැගෙන ලොව පුරා ගමන් කළේ නොදැනුවත් ව ය. මේ සියලු කරුණු හිටපු එක්සත් ජනපද ජනාධිපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව බලන විට කොවිඩ් 19 එන්නතෙහි සාර්ථකත්වය සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් තැබිය හැක්කේ චීනය වෙතයි. එසේ නම් අනාගතයේ දී අන් රටවල් වැඩි වශයෙන් උත්සාහ ගනු ඇත්තේ චීනයේ නිෂ්පාදිත එන්නත මිළ දී ගැනීමට ය. මේ වන විට චීනයේ ඒක පුද්ගල ආදායම 6.6% සිට 8.2% දක්වා වැඩි වී ඇත. සිය එන්නත වඩා සාර්ථක බව ඔප්පුකොට එය විකුණා ගැනීමෙන් එම රට තව දුරටත් සිය ආදායම වැඩි කර ගනු ඇත. තව ද ඇතැම් දුප්පත් රටවලට එන්නත පරිත්‍යාග කරමින් ඔවුන්ගේ රටෙහි පවතින වටිනා යමක් ඒ වෙනුවෙන් නීත්‍යනුකූල ව හුවමාරු කර ගනු ඇත. එයින් ද තමන්ගේ ආදායම මාර්ග වැඩි දියුණු කර ගැනීමටත්, ආර්ථික අතින් ලොව පළමු ස්ථානයට යාමටත් චීනයට හැකි වනු ඇත.
ලෝක බැංකුව පවා මෙම අදහසට එකඟ වී තිබේ. ඔවුන් පසුගිය ජනවාරි මස 5 වන දින නිකුත් කරන ලද වාර්තාවක පවසන පරිදි 2021 වසරේ දී පමණක් චීනයේ ආර්ථික වර්ධන වේගය 7.9%ක් දක්වා ඉහළ යනු ඇති බවට අනාවැකි පළ කළ හැකි ය. මෙයට තවත් හේතුවක් වන්නේ චීනය විසින් සිය නිෂ්පාදන හා අපනයන ක්‍රියාවලිය අන් රටවලට වඩා ඉක්මනින් යථා තත්ත්වයට පත්කර ගැනීමට සමත් වීම යි.
ගෝලීය ආර්ථිකයේ පහළ යාම මෙසේ සිදු වීමට නියමිත වුව ද, ලෝක බැංකුව ප්‍රකාශ කර සිටින්නේ කොවිඩ් එන්නත් නිසි ලෙස කළමනාකරණය කොට භාවිත කළහොත් බිඳ වැටීමට නියමිත ව සිටින ලෝක ආර්ථික මට්ටම 4%කින් පමණ වර්ධනය කර ගැනීමට හැකි වනු ඇති බව යි. මන්දයත් පෙර කී පරිදි කොවිඩ් එන්නත් හිමිකාරී රටවල් කිහිපය අන් රටවලට එන්නත විකුණා ලබා ගන්නා මුදල්වලින් සිය ආර්ථිකය ගොඩනංවා ගනු ඇති බව නිසැක බැවිනි. එනමුත් ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් සෑම රටකට ම අදාළ වන පරිදි වසංගතය පැතිරීම පාලනය කිරීමේ දීත්, ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ පද්ධති සකස් කිරීමේ දීත් අතිශයින් සැලකිලිමත් විය යුතු ය. එසේ නොවුණහොත් අනාවැකි පළ කර තිබෙන අයුරින් ගෝලීය ආර්ථිකය ස්ථාවර කර ගැනීමට කිසිසේත් නොහැකි වනු ඇත.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්