විභාග කල් දමන්නැයි දැනුම්දෙයි : CD ගසා ප්‍රශ්න පත්‍ර පාසල් වලට යවයි
ඇති වී තිබෙන උග්‍ර කඩදාසි හිගය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසැල් වල වාර අවසාන ඇගයීම් විභාගය කල්දමා ඇති බව වාර්තාවනවා.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ ප‍්‍රශ්ණ පත‍්‍ර මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි නොමැති කම හේතුවෙන් 9, 10, 11 ශ්‍රේණි වල වාර විභාග කල් දැමීමටත් හැකිනම් ප්‍රාථමික ශ්‍රේණිවල වාර විභාග පාසල් මට්ටමින් පැවැත්වීමට කටයුතු කරන ලෙසයි.
ඇතැම් ශ්‍රේණි සඳහා විභාග ප‍්‍රශ්න පත්‍ර ඇතුළත් සංයුක්ත තැටියක් සෑම විදුහලකටම යොමු කර ඇති බවද වාර්තාවනවා.
ඒ සමඟම මුද්‍රිත ප්‍රශ්න පත්‍ර ලබා දීමට නොහැකි වීමට බලපා ඇති කඩදාසි හිඟය සහ මුද්‍රණ මිල ආදී ගැටලු පිළිබඳවද විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවද පැවසෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට