Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොලේ වසා වෙළඳපොලට ගෑස් සිලින්ඩර දැමු සමාගමට වෙන දේ

වෙළඳපොලේ පැවති කිලෝග්‍රෑම් 12 යි දශම 5 ක් වූ ගෑස් සිලින්ඩරය වෙනුවට ලීටර් 18ක් අඩංගු බව සඳහන් කරමින් Premium නමින් නව ගෑස් සිලින්ඩරයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පසු ගිය දිනවල සමාජයේ විශාල කතා බහක් නිර්මාණය වුණා.

කිලෝග්‍රෑම් 12යි දශම 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක ඇතුළත් විය යුතු ලීටර් ප්‍රමාණය 25ක් පමණ වන අතර, නව සිලින්ඩරයෙහි ඇත්තේ ලීටර් 18ක් පමණයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන රැසක් පෙන්වා දුන්නේ මෙය පාරිභෝගිකයන් සුක්ෂම ලෙස රවටා ගෑස් මිල ඉහළ දැමීමට සිදු කරන ලද කුඨ උපක්‍රමයක් බවයි.

ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරිය මෙම ගැටලුවට මැදිහත් ව ඇති අතර අදාළ ගෑස් සිලින්ඩර වහාම වෙළඳපොලෙන් ඉවත් කරගන්නා ලෙසට අදාළ ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කළ ලිට්රෝ ගෑස් සමාගමට දැනුම් දී තිබෙනවා.

එසේම, අදාළ ගෑස් සිලින්ඩරවල බර කිලෝග්‍රෑම් වලට හරවා යළි වෙළඳපොලට නිකුත් කරන ලෙස ද අදාළ සමාගමට දැනුම් දී ඇති බව සඳහන්.

About The Author