නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ කියයි
කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර පවතින බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා.
මීට පෙර කොරෝනා තුන්වන රැල්ල ඇති වූ අවස්ථාවේ පවා මාධ්‍යවේදීන් ඔහුගෙන් කොරෝනා සමාජ පැතිරීමක් ඇති දැයි ප්‍රශ්න කළ බොහෝ අවස්ථාවලදී ඔහුගේ පිළිතුර වුයේ එසේ පැවසීමට තරම් සාක්ෂි නොමැති බවයි.
නමුත් මෙවර නම් ඔහු කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තියක් ඇති බව සිතා කටයුතු කළ යුතු බව සඳහන් කිරීම විශේෂත්වයක්.
රෝග ලක්ෂණ රහිත ආසාදිතයන් අති විශාල සංඛ්‍යාවක් සමාජය තුළ දැකිය හැකි බවද පැවසූ ඔහු ඔමික්‍රෝන් ප්‍රභේදය මේ අනුව සමාජය තුළ පැතිර ඇති බව පිලිගෙන කටයුතු කිරීම සුදුසු බව ද පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් වෛරසය සමාජය තුල පැතිරී තිබේද? පොකුරක් ලෙස පවතී ද යන්න පිළිබඳව විද්‍යාත්මකව සනාථ කිරීමක් මෙරට තුල තවමත් සිදු කර නොමැති බවද ඔහු තවදුරටත් සඳහන් කළා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක වෙමින් ඔහු මෙම අදහස් පල කළා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි