Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා ලංකාවේ.. පිස්සුද ලංකාවේ කොරෝනා නෑ – නුවර එළියට මහ සෙනගක්

Covid- 19 වෛරසය පැතිර යාමේ දැඩි අවධානමක් පවතින බවත් මේ වන විටත් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කළ බොහෝ පිරිසක් ආසාදිතයන් සහ ආශ්‍රිතයන් බව හදුනාගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ විසින් දිගින් දිගටම අවධාරණය කර තිබියදීත් සති අන්ත නිවාඩුව සම්බන්ධ කරගනිමින් විනෝද චාරිකා සදහා විශාල දේශිය සංචාරකයන් පිරිසක් නුවරඑළියට පැමිණ ඇති බව වාර්තවනවා.

කොරෝනා අවදානම නොතකා නුවරඑළිය මහ නගර සභාව විසින් මේ මස 30 දින දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමිව අද (24) දිනයේ ද තරග රැසක් පැවැත් වු අතර එම තරග නැරඹිමට ද විශාල පිරිසක් පැමිණ සිටියා.

නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතවද දේශිය සංචාරකයන් විශාල පිරිසක් රැදි සිටි අතර, නුවරඑලිය වසන්ත උදානයට සමගාමිව පැවැත්වෙන සැණකෙලියද දිනපතා පස්වරු 6 සිට පවත්වන බවයි සංවිධායක කමිටුව පවසන්නේ.

නුවරඑලිය නගර සභා සිමාවේ පිහිටි නිවාඩු නිකේතනද මේ වන විට දේශිය සංචාරකයන්ගෙන් පිරීගොස් ඇති බවයි වාර්තාවන්නේ.

© රංජිත් රාජපක්ෂ – හැටන්

About The Author