Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා රෝගීන් ගෙවල් වල තැබීමෙන් මරණ සංඛ්‍යාව ඉහලයාවී – බරපතල අනතුරු ඇඟවීමක්

කොරෝනා ආසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් තම නිවෙස් තුළම රැඳවීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවට රජයේ මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතයන් නිවෙස් තුළ රැදවූ විට හදිසි අවස්ථාවකදී එම නිවාස වලට යාමට තරම් ප්‍රමාණවත් ගිලන්රථ, වෛද්‍ය කාර්යමණ්ඩල සහ වෙනත් සහය කාර්යය මණ්ඩල කිසිසේත් ප්‍රමාණවත් නොමැති බවයි.

මෙවන් තත්ත්වයක් තුළ ආසාදිතයන් නිවෙස් තුළ රැඳවීම මාරාන්තික බවත්,රෝගීන්ට නිසි වෙලාවට අවශ්‍ය ප්‍රතිකාර නොලැබුණහොත් ඔවුන් නිවෙස් තුළම මිය යාමේ දැඩි අවදානමක් ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

About The Author