සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ගැසට් එක ගහයි
කොවිඩ් වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු මින් ඉදිරියට මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවසර ලබා දී තිබෙනවා.
මෙයට අදාල විශේෂ චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කර තිබෙනවා.
අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් දෙනු ලැබූ නිර්දේශ සහ කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළ බවයි ලංකාදීප වාර්තා කළේ.
කෙසේ නමුත් මේ වන විට අදහනාගාර වල මළසිරුරු පිළිස්සීම සඳහා අවශ්‍ය ගෑස් හිඟයක්ද නිර්මාණය වී ඇති බවට විශ්වාස දායක තොරතුරක්ද අප වෙත ලැබී පවතිනවා.
පසුගිය කාලයේ කොරෝනා සිරුරු භුමදනයද ආදාහනයද යන කරුණ මුල් කර ගනිමින් සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය වූ අතර ඇතැමුන් එය ජාතිවාදී හා ආගම්වාදී ගැටළුවක් ලෙසද හුවා දැක්වීමට කටයුතු කරනු ලැබුවා.
මතුවූ විරෝධය හේතුවෙන් කොරෝනා සිරුරු භූමදානය සඳහා වෙනම ඉඩම් සෙවීමට පවා අදාළ බලධාරීන්ට සිදු වුයේ මළ සිරුරු භූමදානය කිරීමෙන් පසු කොරෝනා විෂබීජ පරිසරයට එක්වන බවට ඉදිරිපත්වූ විද්‍යාත්මක මත වාදයන්ද සැලකිල්ලට ගෙනයි.
නමුත් මේ වන විට දිවයිනේ ඕනෑම ස්ථානයක පිහිටි සුසානයක කොරෝනා මල සිරුරු භූමදානය කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට