අගමැති මහින්දගේ අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතවම දැනුම් දෙයි
රටේ කොරෝනා වසංගත තත්වයක් පවතින මොහොතක බුද්ධ ශාසනය සඳහා තිරාණාත්මක පනතක් කඩිමුඩියේ සම්මත කිරීමට තමන්වහන්සේලා එකඟ නොවන බව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් රජයට අවධාරණය කර තිබෙනවා.
මේ වන විට රජය විසින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති ත්‍රිපිටක සංරක්‍ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් සභාවක් කැඳවා තිබීම අනුමත නොකරන බව ද මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් වැඩිදුරටත් දන්වා තිබෙන්නේ.
එබැවින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (06) සිට තෙදිනක් පුරා පැවැත්වීමට යන මෙම විද්වත් සභාවට මල්වතු, අස්ගිරි පාර්ශවයන් නියෝජනය කරමින් කිසිවකුත් සහභාගී නොවන බව ද මහ නා හිමිවරුන් ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.
තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහ නා හිමියන්ගේ සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහ නා හිමියන්ගේ අත්සනින් මෙම ලිපිය යොමු කර තිබීම විශේෂත්වයක්.
යෝජිත ත්‍රිපිටක සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව මහා සංඝරත්නයේ සහ විද්වතුන්ගේ නිර්දේශ ලබාගැනීම සඳහා තෙදිනක් පුරා උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා මෙම විද්වත් සභාව පවත්වන බැවින් එයට සහභාගී වන ලෙස තමන් වහන්සේලාට ආරාධනා කර ඇති බවත් මෙය එවැන්නක් පැවැත්වීමට සුදුසු අවස්ථාව නොවන නිසා ඊට සහභාගී නොවන බවත් මහ නා හිමිපාණන් වහන්සේලා පවසන්නට දී තිබෙනවා.
අදාළ විශාරදයන් සමඟ දීර්ඝ අධ්‍යයනයකින් අනතුරුව මෙම පනත් කෙටුම්පතට අවශ්‍ය සංශෝධන ගෙන ඒමට අපේක්‍ෂා කරන බැවින් මෙය කඩිනමින් සම්මත කිරීමට කටයුතු කිරීම උචිත නොවන බවයි උන්වහන්සේලා අවධාරණය කරන්නේ.
නිසි අධ්‍යයනයකින් තොරව මෙම පනත සම්මත කළහොත් අනාගතයේ නොයෙක් ශාසනික ව්‍යාකූලතාවන් නිර්මාණයවීමට ඉඩ ඇතැයි ද මල්වතු අස්ගිරි මහ නා හිමිවරු සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට