කොරෝනා මර්ධනය සදහා චීනයේ නිෂ්පාදනයක් වන ‘සිනොෆාම්’ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී තිබේ.
එම එන්නත හදිසි භාවිතය සඳහා සුදුසු යැයි නිර්දේශ කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය සඳහා නිර්දේශ කරන ලද හයවන එන්නත ලෙසයි.
මෙම එන්නත් ලක්ෂ 06 ක් පරිත්‍යාගයක් මෙරටට ලැබී තිබු අතර එය චීන රජයේ ඉල්ලීම මත මෙරට වැඩබිම් වල සේවය කරන චීන ජාතිකයන් වෙත ලබාදීමට පියවර ගනු ලැබුවා.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ලැබෙන තුරු එම එන්නත මෙරට ජනතාව සඳහා ක්‍රියාත්මක එන්නත්කරණ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනුනේ නැහැ.
කෙසේ වෙතත් මේ වන විට අදාළ එන්නත සඳහා අනුමැතිය හිමිවීමත් සමඟ අද සිටම එම එන්නත මෙරට ජනතාවට ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවයි වාර්තාවන්නේ.
කොරෝනා රෝගීන් වැඩිපුරම වාර්තා වන ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශ තෝරා ගනිමින් ඒවායේ ජනතාවට එන්නත ලබා දීමට නියමිතය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට