වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීම පැහැර හැර ජාතික ආරක්ෂාව අනතුරට පත් කළැයි චෝදනා කරමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු එම ඒකකයේ වගකිව යුත්තන්ට එරෙහිව අරුණ ලක්සිරි උණවටුන නම් නිතීඥවරයෙකු පොලිස්පතිවරයා වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු රජයේ නිලධාරීන් කොරෝනා ආසාදිතව මියගිය අයගේ සංඛ්‍යා ලේඛණ වැරදියට දක්වා සහ වෙනස් කර දක්වා ජන ජීවිතය පවත්වාගෙන යාම අනතුරට පත්කර, කොරෝනා රෝගය සම්බන්ධයෙන් වන සත්‍ය තොරතුරු ජනතාවට වසන් කරමින්, සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීමෙන් සහ ජාතික ආරක්ෂාව අනතුරට පත්කිරීමෙන් ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 289 වගන්තිය උල්ලංඝනය කර ඇති බවට එම පැමිණීල්ලෙන් දක්වා ඇති බවයි වාර්තාවන්නේ.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර නිතිය කි‍්‍රයාත්මක කරන ලෙසත් එලෙස මිය ගිය අය සත්‍ය වශයෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය අය ද යන්න සහ ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ නිවැරදි ඒවාද යන්න විමසා බලමින් මෙම පරීක්ෂණය මෙහෙවන ලෙසට කරන ලෙස ද අදාළ පැමිණිල්ලෙන් ඉල්ලා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් මෙන්ම ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින්බොහෝ දෙනෙකු සඳහන් කලේ කොරෝන මරණ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ජනතාවට ලබාදුන් තොරතුරු වලින් ඇතැම් ඒවා බරපතල ගැටළු සහගත ඒවා බවයි.
බොහෝ ප්‍රදේශ වල දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව ජාතික මට්ටමින් ඉදිරිපත් කෙරෙන දත්ත වාර්තාවල අතු ලත්ව නොමැති බව තහවුරු වූ සිදුවීම් පවා වාර්තා වූ අතර කිසිදු වගකිව යුත්තෙකු ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වුයේ නැහැ.
කෙසේ වෙතත් මතුව තිබෙන අර්බුධය තුළ සත්‍ය වශයෙන්ම සිදු වුයේ කුමක්ද යන්න සහ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ තොරතුරු දැනගැනීමට ඇතැම් විට ජනතාවට හැකිවනු ඇති.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට