10000ක් දෙනා වන්දි ඉල්ලයි
‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු හටගන්නා සෞඛ්‍ය ගැටලු සඳහා වන්දි ලබා ගැනීමට, ඕස්ට්‍රේලියානුවන් 10,000 ක් ලියාපදිංචි වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ඕස්ට්‍රේලියානුවන්ට ලබා දෙන එන්නත්, හදිසි භාවිතයට සුදුසු යැයි නිර්දේශ කර ඇත්තේ, එරට ඖෂධ පාලන අධිකාරියයි.
එන්නත ලබා ගැනීමෙන් පසු සෞඛ්‍ය ගැටලු ඇති නම්, අදාළ වෛද්‍ය වාර්තා සමඟ ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බව ඖෂධ පාලන අධිකාරිය ඕස්ට්‍රේලියානුවන්ට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට එන්නත් ලබා ගැනීමෙන් පසු මතු වුණු සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි 79,000 ක් ඖෂධ පාලන අධිකාරියට ලැබී ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාකරනවා.
ඒ අතරින් 10,000 ක පිරිසක් වන්දි ලබා ගැනීම සඳහා ලියාපදිංචි වී සිටිනවා.
ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ මේ වනවිට එන්නත් මාත්‍රා මිලියන 36.8 ක් එරට වැසියන්ට ලබා දී ඇති අතර, එන්නත් ලබා ගැනීමෙන් 9 දෙනකු මියගොස් ඇති බවද වාර්තා වනවා.
එන්නත ලබා ගැනිමෙන් පසු සෞඛ්‍ය ගැටලු මතුවූයේ යැයි පැමිණිලි කළ වැඩි දෙනා අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වීම විශේෂත්වයක්.
ඕස්ට්‍රේලියානුවන්ට ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ ‘ෆයිසර්’ සහ ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත් වන අතර ‘ෆයිසර්’ එන්නත් ලබාගත් 288 දෙනකුගේ හෘදයට හානි සිදුවී ඇති බවටත්, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා ගත් 160 රුධිර කැටි ගැසීම් නිසා රෝගී වී ඇති බවටත් පැමිණිලි ලැබී තිබෙනවා.
යම් කිසි ඕස්ට්‍රේලියානුවකුට එන්නත් ලබා ගැනීමෙන් පසු සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑමට සිදුවූයේ නම්, ඒ වෙනුවෙන් වන්දි ලෙස ඕස්ට්‍රේලියානු ඩොලර් 5,000 ක මුදලක් ලබා දෙන බව බලධාරීන් පවසා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ලැබෙන පැමිණිලි විමර්ශනයට විශේෂ වෛද්‍ය කමිටුවක් ද පත් කර තිබෙනවා.
ඒ අනුව ඕස්ට්‍රේලියානු රජයට ගෙවීමට සිදුවනු ඇතැයි පැවැසෙන මුලු වන්දි මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 37) බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
ලංකාවේ තත්වය
කොරෝනා එන්නත් ලබා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින් කිහිප දෙනෙකු සැලකිය යුතු දෙනෙකු මියගිය බවට තොරතුරු වාර්තා වුවද ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමාජයෙන් තොරතුරු වසන් කරන ආකාරය දක්නට හැකි වුණා.
එමෙන්ම එන්නත්කරනය සමඟ විශාල පිරිසක් අතුරු ආබාධ රැසකට මුහුණ දුන් අතර ඇතැම් පුද්ගලයින් එන්නත්කරණයෙන් පසු හදිසියේ ඇතිවූ හෘදයාබාධ සහ රුධිර කැටි ගැසීම් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ බවද වාර්තා වුණා.
මෙය එන්නත් සමග ඇති වූ අතුරු බලපෑම් හේතු වූ බවට විශේෂඥ වෛද්‍යවරුන් පවා මත පල කළ නමුත් ඒ සම්බන්ධ විධිමත් පරීක්ෂණ සිදු කිරීමක් දක්නට නොලැබුණු අතර තොරතුරු ප්‍රකාශ කිරීමක්ද සිදුවුයේ නැහැ.
මියගිය පිරිස අතර වයස අවුරුදු 40ට අඩු පිරිස් පසු වීමද විශේෂත්වයක් වුණා.
එමෙන්ම එලෙස සිදුවූ මරණ කොරෝනා මරණ ලෙස ගණනය වුයේද නැහැ.
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වරයාගේ චක්‍රලේඛයකට අනුව කොවිඩ් නියුමෝනියාවෙන් මියයන පුද්ගලයින් පමණක් කොරෝනා මරණ ගොනුවට එක් කිරීම සිදු වනවා.
එවැනි වට පිටාවක් තුළ එන්නත්කරණය අනිවාර්ය කිරීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා.
එමෙන්ම වයස අවුරුදු 60 වැඩි පුරවැසියන් සදහා තුන්වන එන්නතක් ලබා දීමද මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ආසදිතයින්ගේ ප්‍රමාණය , මරණ සංඛ්‍යාව ආදිය පිළිබඳ නිවැරදි තොරතුරු පවා ජනතාවගෙන් වසන් කර ඇති බවට සෞඛ්‍ය වෘත්තිකයින්ගෙන්ම චෝදනා එල්ලවන වටපිටාවක අතුරු ආබාධ පිළිබඳ ජනතාවගේ ඉරණම කුමක් වනු ඇතිද ?
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි