Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොන්දේසියක් සහිතව ජනපති සමඟ සාකච්ඡාවට අපි කැමතියි : ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ 11 පවසයි.

ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභාගීවීමට තීරණය කළ බව ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ 11 අද (28) තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් ඔවුන් තීරණය කර තිබෙන්නේ අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය නොමැතිව ජනාධිපතිවරයා සමඟ තනිව සාකච්ඡාවක් ලබාදෙන්නේ නම් එයට සහභාගීවීමටයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවසේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෙට (29) ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

About The Author