කොළඹ කොටස් වෙළෙඳපොලේ ගනුදෙනු කටයුතු අද (25) දින අත්හිටුවා තිබේ. එහි කටයුතු අද දින ආරම්භ කෙරුණේ සතියකට පසුවයි.
නමුත් ගනුදෙනු කටයුතු ආරම්භවී කෙටි කාලයකදී එස් ඇන්ඩ් පී එස් එල් 20 දර්ශකය දැඩි ලෙස කඩා වැටුණි.
ගනුදෙනු අපේක්ෂා කළ පරිදි වර්ධනය නොවීම හේතුවෙන් කොටස් වෙළදපොලෙහි ගනුදෙනු අද දිනට නවතා දැමීමට බලධාරීන්ට සිදුවිය.
කොටස් වෙළෙඳපොළ වසා දමන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 541.86 කින් හා S&P SL20 දර්ශකය ඒකක 185.32 කින් පහළ ගොස් තිබුණි.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,593.39 ක් ලෙසත් , S&P SL20 දර්ශකය ඒකක 2,438.58 ක් ලෙසත් වාර්තා වේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි