සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ පරාජයට පත්විය
යෝජනාවට විරුද්ධව ඡන්ද 113ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 73ක් පමණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පිරිසට සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව යන පක්ෂවල මන්ත්‍රීවරු ඇතුළත් වූහ.
ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රීවරු 38ක් සභාවේ නොසිටියහ.
අලිසබ්‍රි රහීම්, ඒ.එච් එම් ෆවුසි යන මන්ත්‍රීවරුද යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ මන්ත්‍රී දයාසිරි ජයසේකරයන මහත්වරු ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ නොසිටියහ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට