පාලකයන්ගේ වැරදි හේතුවෙන් රට මේ වන විට බරපතල අර්බුධ ගණනාවකට මුහුණ දී ඇති බවත්, ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කටයුතු කළ තමන්වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේගෙන් ජනතාව දැන් සැප දැයි විමසන බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
ඒ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්
“තව ටික දවසකින් බත් මුලක් අරගෙන පාරේ බැහැලා යන්න බැරි තැනකට මේ රට ඇද වැටෙනවා. දැනුත් මාලයක් දාගෙන පාර ගියොත් ඒක කඩා ගන්නවා. ආර්ථිකයේ බින්දුවටම වැටිලා. ආර්ථිකය හදන්න දන්න අය පැත්තකට කරලා තියෙන්නේ. වැඩ පුළුවන් අයගෙන් වැඩ ගන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙ හිටපු එක විශේෂඥ වෛද්‍යවරයෙක් තණකොළ කපන්න දැම්මා. අනෙක් විශේෂඥ වෛද්‍යවරයා පුන්නක්කු හදන්න දැම්මා. ඉතින් කොහොමද රටක් කරන්නේ?
මිනිස්සු අපට සමාජ මාධ්‍යවල බනිනවා. හාමුදුරුවනේ දැන් සැපද? දැන් රට ධාර්මික ද? කියලා අපෙන් අහනවා. අපිට මේවට උත්තර නැහැ. අපි මේ ආණ්ඩුව ගෙනාවේ මේවා අහන්න නොවෙයි. මේ ආණ්ඩුව මේ තරම් වේගයෙන් ජනතාව පිළිකුල් කරාවි කියලා අපි හිතුවේ නැහැ. බුදු හාමුදුරුවන්ගේ කාලෙ කිසාගෝතමියට කිව්වේ නොමල ගෙයකින් අබ ගේන්න කියලා. දැන් අපිට කියන්න වෙලා තිබෙන්නේ මේ ආණ්ඩුවට බනින්නේ නැති ගෙයකින් අබ මිටක් ගේන්න කියලා” යනුවෙන්ද සඳහන් කළා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට