කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
අද දිනයේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.
කෙසේ වෙතත් තවදුරටත් එය තහවුරු කරගැනීම සඳහා අමාත්‍යවරයාට හෙට දිනයේ පරීක්‍ෂණයක් සිදුකිරීමට නියමිත බවද සඳහන්.
මේ වන විට අමාත්‍යවරයා සිය පවුලේ සාමාජිකයන්ද සමගින් නිරෝධායනයට ලක්ව සිටින බවයි පැවසෙන්නේ.
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොරෝනා සදහා එන්නත් කල ඇස්ට්‍රා සේනිකා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබීමද විශේෂත්වයක්.

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට