“විරුද්ධ ලිංගයේ අය අනුකරණය කිරීම සාපරාධී ලෙස සැලකීමටත් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමටත්” මෙපමණක් කලක් තිස්සේ යොදා ගත් නීතියක් කුවේට් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් අවලංගු කර ඇත.
මින් පෙර 2007 වසරේ දී ගල්ෆ් රාජ්‍යයේ පාර්ලිමේන්තුව විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 198 වැනි වගන්තිය සංශෝධනය කරමින් අදාළ වැරදි දෙකට ම වසරක් දක්වා සිරදඬුවමක් සහ දඩයක් නියම කර තිබිණි.
එහෙත් පසුගිය බදාදා ලබා දුන් අධිකරණ තීන්දුවෙන් කියැවුණේ එම සංශෝධනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බවයි.
“ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්” සංවිධානය විසින් මෙම නඩු තීන්දුව හහඳුන්වා තිබෙන්නේ “එය අරාබි කලාපයේ සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් සඳහා වූ ප්‍රධාන ඉදිරි ගමනක්” ලෙසිනි.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර