Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කුමාර වෙල්ගම ජනපති රනිල්ට සහතිකයක් ලියයි : අරගලයේ ත්‍රස්තවාදය ගැනත් කියයි

අරගලයේ ත්‍රස්තවාදීන්ට මුහුණ දිය හැකි හොඳ නායකයෙකු රටට ලැබී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

එම තත්වය තුළ සියලු දෙනා රට ගැන රටේ දරුවන් ගැන සිතා සර්වපාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ විය යුතු බව ඔහු සඳහන් කිරීම විශේෂත්වයක්.

අරගලයේ තරුණයන් පසුපස සිටින්නේ ත්‍රස්තවාදී නායකයන් පිරිසක් බවද කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබෙනවා.

තරුණයන් ඉදිරියට දමා ත්‍රස්තවාදී නායකයන් මෙම අරගලය පසුපස සිටින බවද පැවසූ ඔහු ත්‍රස්තවාදයට නොබියව මුහුණ දිය හැකි නායකයෙකු අද රටට ලැබී ඇති බවත් ත්‍රස්තවාදී නායකයන්ට අරගලය මුවාවෙන් හිස එසවීමට ඉඩ දිය නොහැකි බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

About The Author