Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කුඩු සමඟ ඇල්ලූ මාලිමා මන්ත‍්‍රීවරියගේ සැමියා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ සභාපති

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් එප්පාවල ප්‍රාථමික පාසලේ විදුහල්පතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ සභාපති ලෙස ද කටයුතු කළ අයෙකු බව අධිකරණයේදී අනාවරණයවී ඇත.

මේ අතර ඔහු ඇතුළු අනෙක් සැකකරු දින හතක් රඳවා ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිසියට අවසර ලබා දී ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (06 ) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

සැකකාර විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මීට පෙර මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.

එසේම සැකකාර විදුහල්පතිවරයාගේ බිරිඳ, ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රීවරියක බවට ද පොලිස් ආරංචි මාර්ග මගින් තහවුරු වී ඇත.

මෙම සිද්ධියේ බරපතලකම සැලකිල්ලට ගෙන, පොලිසිය විසින් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමට අධිකරණයෙන් අවසර ලබා ගෙන තිබේ

About The Author