Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කුට්ටම උඩින් අනයි – නාමල්ට තවත් තුරුම්පුවක් බෙදයි

එන්නත ගසා ඉතිරිය දෙවියන්ට භාරදෙමු යැයි කී කෙහෙලියට සෞඛ්‍ය භාර දෙයි

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් සංශෝධනයක් සිදු කර තිබෙනවා.

අද දිනයේ සංශෝධනය වූ ඇමති ධුර මෙසේය.

ජී. එල් පීරිස් මහතා – විදේශ කටයුතු අමාත්‍ය
දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ප්‍රවාහන අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය
ගාමිණි ලොකුගේ මහතා – විදුලිබල අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම මහතා – ජනමාධ්‍ය අමාත්‍ය
නාමල් රාජපක්ෂ මහතා – තරුණ කටයුතු , ක්‍රීඩා අමාත්‍ය පිළිබඳ කැබිනට් අමාත්‍යධුරයන් සහ ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය ධුරය

මෙහිදී විශේෂත්වය වන්නේ සෞඛ්‍යමය වශයෙන් රට තීරණාත්මක සන්ධිස්ථානයක් පසු කරමින් සිටියදී සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙහි වෙනසක් සිදු කිරීමයි.

සෞඛ්‍යය අමාත්‍ය ධුරයේ කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම ධුරයෙන් ඉවත් කොට ඒ සඳහා පත් කොට තිබෙන්නේ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතායි.

ඔහු සිදුකල ප්‍රකාශයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල හරහා විශාල ආන්දෝලනයකට තුඩු දුන්නා.

ඒ එන්නත්කරණයෙන් පසු ඉතිරිය දෙවියන්ට බාර දී බලා සිටිය යුතු බව පැවසීම හේතුවෙන්.

මීට අමතරව නැවත වතාවක් නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශය පුළුල් කරමින් සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය ධුරය යනුවෙන් නව අමාත්‍ය ධූරය වගකීම ද පවරා තිබෙනවා.

ඒ ඔහු දරන තරුණ කටයුතු , ක්‍රීඩා අමාත්‍ය පිළිබඳ කැබිනට් අමාත්‍ය ධුරයන් සහ ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවයි.

About The Author