Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“කි.මි 4ක් හදාගන්න බැරුව අවුරුදු එක හමාරක් තටමනවා” මීරිගම – කුරුණෑගල අධිවේගය පිළිබඳ ආණ්ඩුවට චෝදනාවක්

පසුගිය රජය සමයේ කිලෝමීටර 37 වැඩ අවසන් කර තිබු කුරුණෑගල – මීරිගම අධිවේගී මාර්ගයේ ඉතිරිව තිබු කිලෝමීටර 4ක වැඩ අවසන් කර ගැනීමට වත්මන් ආණ්ඩුවට මෙතෙක් නොහැකි වී තිබෙනවා.

මේ පිළිබද අප වෙත තොරතුරු ලබා දුන් පසුගිය රජයට සම්බන්ධ විපක්ෂයේ ප්‍රධානියෙකු අප වෙත සඳහන් කළේ කිලෝමීටර 41 ක සමස්ත දුර ප්‍රමාණයකින් යුත් මෙම මාර්ගයේ කිලෝමීටර 37 ඉදිකිරීම් කටයුතු යහපාලන සමයේදී අවසන්ව තිබු බවයි.

කෙසේ වෙතත් සිට නුවර දක්වා ඉදිකෙරෙන අධිවේගී මාර්ගයෙහි ප්‍රධාන අදියරක් වන මෙහි ඉදි කිරීම් අවසන් කරන බව පැවසුනේ 2020 වසරේදීයි.

විපක්ෂයේ ප්‍රකාශකයා සඳහන් කරන ආකාරයට යහපාලන රජය වසර දෙක හමාරක් තුළ කිලෝමීටර 37 වැඩ අවසන් කලද මාර්ගය සම්පුර්ණ කිරීම සඳහා ඉතිරිව තිබු කිලෝමීටර 4 වැඩ අවසන් කිරීමට වසර එක හමාරක් ගතවුවත් වත්මන් ආණ්ඩුවට හැකි වී නැහැ.

ඔහු සඳහන් කරන්නේ අදාළ ඉදිකිරීම් සිදු කරන කොන්ත්‍රාත්කරුවන්ට 2020 වසරේ අගෝස්තු මස සිට අදාළ ගෙවීම් ද සිදු කර නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාදය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පසුගියදා එහි සංචාරයක නිරත වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු අඩාල වුයේ පසුගිය රජය සමයේ කැබිනට් ඇමතිවරුන්ට මාර්ගයේ ඉදිකිරීමේ කොන්ත්‍රාත් ලබාදීම හේතුවෙන් බවයි.

About The Author