Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කිරි පිටිත් අහස අල්ලන්න යයි

ආනයනික කිරිපිටි වල මිල ඉහළ නැංවීම අදාළ කිරිපිටි සමාගම් විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400 යක පැකට්ටුවක මිල රුපියල් 135 කින් ඉහළ නැංවීම සඳහා අවසර දෙන ලෙස පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කිරීමට අදාළ සමාගම් කටයුතු කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ලෝක වෙළද පොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ නැව් ගාස්තු ඉහළ යාම හේතුවෙන් මෙම ඉල්ලීම කල බවයි.

නමුත් පවතින කොරෝනා වසංගත තත්ත්වය මත ජනතාව තවත් දුෂ්කරතාවට පත් කරන එවැන් මිල ඉහළ දැමීමකට අවසර දිය නොහැකි යයි පාරිභෝගික අධිකාරිය පවසා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මීට පෙරද ගෑස් සමාගම් වලින් ගෑස් මිල ඉහළ දැමීමට ඉල්ලීම් සිදුකළ අවස්ථාවේද පාරිභෝගික අධිකාරිය මේ ආකාරයේම ප්‍රතිචාරයක් දැක්වූ අතර අදාළ ගෑස් සමාගම් සිදු කළේ ගෑස් මිල රුපියල් 400කින් ඉහල දමමින් බරෙන් අඩු නව ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට හඳුන්වා දීමයි.

මෙම නීති විරෝධී කටයුත්ත සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු පියවරක් ගැනීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන නැහැ.

About The Author