මම මේ ගැටුමට සම්බන්ධ නෑ – කැලණිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රී දුමින්ද පෙරේරා
කිරිබත්ගොඩ වෙළඳ සංගමයේ ලේකම්වරයාට කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා.
එයට හේතුව වී තිබෙන්නේ කිරිබත්ගොඩ පොදු වෙළඳ සංකීර්ණයට අයත් රථ ගාලක් මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමේ සිදු වීමක්.
ඉදිකිරීම් අවසන් කොට වසරකට ආසන්න කාලයක් අදාළ රථ ගාල භාවිතයට නොගෙන වසා දමා තිබී ඇත්තේ එම රථ ගාල කුඩා කඩ දැමීම සඳහා උත්සව සමයන්හිදී කුලී පදනම මත විවිධ පුද්ගලයන් වෙත ලබා දීමේ අරමුණින් බවයි වාර්තාවන්නේ.
එලෙස කුලී පදනම මත ලබා දෙන තවකාලික වෙළඳසැල් වලකුලී ආදායම අයකරගෙන ඇත්තේ අදාළ ප්‍රාදේශීය දේශපාලකයන් විසින් වන අතර එහි කිසිදු අදායමක් ප්‍රාදේශීය සභාවට ලබා දී නොමැති බව සඳහන්.
කිරිබත්ගොඩ නගරයේ ඇති දැඩි රථවාහන තදබදය පවා නොසලකා හරිමින් තම දේශපාලන හයිය සහ මැර බලය යොදා ගනිමින් රථගාල විවෘත කිරීමට ඉඩ නොදී සිටි කණ්ඩායමට එරෙහිව ඉදිරිපත් වී ඇති කිරිබත්ගොඩ වෙළඳ සංගමයේ එහි නව සභාපති විජිත් රෝහණ විජයමුණි මහතා මේ පිළිබඳව වෙළඳ සංගමයේ නිලධාරීන් සමග එක්ව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා දැනුවත් කර තිබෙනවා.
ඉන් අනතුරුව ඔහුගේද උපදෙස් මත අදාළ රථ ගාල විවෘත කර ඇති අතර ඉන් ඉන් සිදුව ඇත්තේ රථගාලේ කටයුතු වලට මීට පෙර මැදිහත් වූ දේශපාලකයා ඇතුළු කණ්ඩායමත් වෙළඳ සංගමයත් අතර පැවති ගැටුම තව දුරටත් උත්සන්න වීමයි.
එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දා කිරිබත්ගොඩ ගාල හන්දියේ අවන්හලක් තුළදී කිරිබත්ගොඩ වෙළඳ සංගමයේ ලේකම් සිරිල් පතිරණ මහතාට කැලණිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රී දුමින්ද පෙරේරා මහතා ඇතුළු අටදෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් පහර දී තිබෙනවා.
බීමතින් සිටි මෙම පිරිස සිදු කළ අදාළ පහර දීමෙන් ලේකම්වරයාගේ ඇසකටද හානි සිදුව ඇති අතර ඔහු රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මැර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අවස්ථාවක පහර දීමට සම්බන්ධ පුද්ගලයින් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගැනීම සිදු කළ යුතු වුවත් මේ දක්වා කිරිබත්ගොඩ පොලිසිය කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.
ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාත් චෝදනා ප්‍රතික්ෂේප කරයි
පහර දීම සිදු කළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට බාධා කරමින් ඔවුන්ට රැකවරණය සලසමින් කටයුතු කරන්නේ මැටි කර්මාන්ත පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා බවටයි මේ වන විට චෝදනා එල්ලවී ඇත්තේ.
අදාළ පහරදීමට සම්බන්ධ බව පැවසෙන මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේම කිරිබත්ගොඩ නගරයේ සැරිසරමින් තම බලපුළුවන්කාරකම් පිළිබඳ පුරසාරම් කියමින් පොලිසියටද කොකා පෙන්වමින් සිටිනේ ප්‍රසන්න රණවීර මහතාගේ මැදිහත් වීම නිසා බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
කෙසේ වෙතත් අමාත්‍යවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔහු පවසන්නේ මෙය දෙපිරිසක් අතර කලක් තිස්සේ පවතින අර්බුදයක් බවයි.
එයට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවද ඔහු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම පහර දීමට සම්බන්ධ බවට චෝදනාව එල්ලවන දුමින්ද පෙරේරා මන්ත්‍රීවරයාද අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.
කෙසේ වෙතත් ප්‍රහාරය සිදුවන අවස්ථවේ අදාළ ස්ථානයේ CCTV දර්ශන පවා පොලිසිය සතුව තිබෙන බව විශ්වාසදායක ආරංචිමාර්ග හරහා තහවුරු කරන බවත් පොලිසිය ප්‍රදේශයේ දේශපාලන බලපෑම් හමුවේ රාජකාරී ඉටු කරගැනීමට නොහැකිව අසරණ වී ඇති බවත් කිරිබත්ගොඩ වෙළඳ සංගමයේ සභාපති විජිත් රෝහණ විජයමුණි මහතා පවසනවා.
මෙහි ඇති අනෙක් වැදගත්ම කරුණ වන්නේ අපරාධකරුවන් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස විෂය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා දුන් නියෝගයද ඉටු කර ගැනීමට කිරිබත්ගොඩ පොලිසිය මෙතෙක් අපොහොසත් වීමයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට