Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කෑම හිඟම රටවල් 05 අතරට ශ්‍රී ලංකාව ඇතුල්වෙලා – පොහොට්ටු මන්ත්‍රී කියයි

රනිල්ගෙන් උපදෙස් ගත්තොත් ජනාධිපතිට හා රජයට “සම්මා සම්බුදු සරණයි” ලු

මේ ආණ්ඩුවේ මට ඇමතිකමක් ලබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ තරහකාරයෝ විතරක් යැයි කියයි

ලෝකයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අපහසුම රාජ්‍යයන් 05 අතරට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා සඳහන් කරනවා.

අද වන විට රට ආර්ථික වශයෙන් දැඩි පීඩන තත්ත්වයකට පත්ව සිටින බවද පැවසූ ඔහු පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ලෝකයේ ආහාරය හිගයක් ඇති වෙද්දී ‘අපි වවමු රට නගමු’ වැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ ද අද එවන් තත්වයක් පේන්නේ නැතැයිද ජනතාවට බඩගින්න තදින්ම දැනෙන යුගයක් ඇති වී තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

‘මගේ තරහකාරයෙක් ඇරෙන්න මට ඇමති ධූරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන කිසි කෙනෙක් නෑ. මට හිතවත් මට ආදරේ කරන කිසිවෙක් ඇමති ධුරයක් ලැබීම ගැන තුන් හිතකින්වත් ප්‍රාර්ථනා කරන්නෙ නෑ’ යයිද ඒ මහතා කියා සිටියේය.

පවතින ව්‍යවසනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන් නොකැඳවා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් කැඳවා සාකච්ඡා කරනු තමන් දුටු බවත් ඔහුගෙන් පමණක් උපදෙස් ගන්නේ නම් වත්මන් රජය හා ජනාධිපතිවරයාටත් පවසන්න ඇත්තේ ‘සම්මා සම්බුදු සරණයි’ යනුවෙන් පමණක් යයිද ඔහු පැවසීය.

අක්මීමන ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

About The Author