Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කැස්බෑවේ සහ පිළියන්දල කොරෝනා ආසාදිතයන් වාර්තාගත ලෙස ඉහල යාමේ අවධානමක්

කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුලූ 32 දෙදෙනෙක් කොවිඩ් අසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

අදාළ මන්ත්‍රීවරයාට අමතරව බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් ඇතුළු 20 දෙනෙක් සහ මෙන්ම සුපිරි වෙළඳසැලක සේවක සේවිකාවන් 11 දෙනෙක් ද මෙම පිරිස අතරට ඇතුළත්.

මේ වනවිට පිළියන්දල නගර සභාව සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර ආසාදිතයින්ගේ සමීපතමයින් ඉවත් කොට සඳුදා සිට එම ස්ථාන යළි විවෘත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

පසුගිය දින කිහිපයේම කැස්බෑව නගරසහා බල ප්‍රදේශය තුළ කොරෝනා අසාධිතයින් රැසක් වාර්තා වීමත් සමග ඊයේ (05) දිනයේ එහි සමීපතමයින් 250 දෙනෙකුගේ පමණ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී මෙම ආසාදිතයින් 32 දෙදෙනා හඳුනා ගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා සඳහන් කළේ.

මම තත්වය තුල ප්‍රදේශයේ ජනතාවට දැඩි අවධානයන් පසුවන ලෙසද ඔහු අවධාරණය කරනවා.

About The Author