විද්‍යුත් වීසා සේවා පැවති ක්‍රමවේදය වෙනස් කරමින් විදෙස් සමාගම් ඇසුරෙන් ලබා ගැනීමට ඇමති මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නව ක්‍රමවේදය ආරම්භ කිරීමට පෙර පැවති ක්‍රමවේදය යටතේ වීසා සේවා ක්‍රියාත්මක කරන ලෙස ද විනිසුරු මඩුල්ල නියම කර ඇති බව සඳහන්.
සැලසුම්ගත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ වැදගත් තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් මතුව ඇති බැවින් එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරිමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි යනුවෙන් අදහස් කර ඉල්ලා තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට