බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12කට බලපෑම් එල්ල වී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට වර්ෂාව හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවය.
එම දිස්ත්‍රික්කවල පවුල් 11,992 කට අයත් පුද්ගලයින් 47,963ක් පීඩාවට පත්ව සිටී.
පවුල් 220කට අයත් පුද්ගලයින් 930 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 10ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර දිස්ත්‍රික්ක 7කට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
කොළඹ , ගාල්ල, හම්බන්තොට, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සදහා මෙම නායයෑම් අනතුරු ඇගවීම නිකුත් කර ඇති බව සදහන්.
මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අද සහ හෙට යන දෙදින තුළ මාතර දිස්ත්‍රික්කයේ සියලු රජයේ පාසල් වසා තැබෙන බව මාතර දිස්ත්‍රික් ලේකම් වික්‍රමසිරි මහතා පවසයි.
නිවාඩු දින දෙකට අදාළව පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරියේ දී තීරණය කරනු ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි