ගාමිණී, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද අපේ රටේ ජෛව පද්ධතියට බරපතල හානියක් කළා – සාක්ෂි සමඟ විශේෂ අනාවරණයක්
දේශපාලන වන්දනාව නවතා ජනතාව ඇත්ත දැන ගතයුතු කාලය උදාවෙලා – ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර හෙළිකරයි
කාබනික පොහොර ගෙන්වන මුවාවෙන් චීනුන්ගේ අසුචි මෙරටට ගෙන විත් ඇති බවට සැක සිතිය පර්යේෂණාගාර සාක්ෂි මේ වන විට ලැබී ඇති බව ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂ සහ ලංකා රේගුවේ ආරක්ෂණ ඒකකයේ ප්‍රධානි සහ නිර්මාතෘ ජේෂ්ඨ පරිසරවේදී සමන්ත ගුණසේකර මහතා පවසනවා.
Mee Massoo TV සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
චීනයේ සිට ආනයනය කිරීමට සැලසුම් කර ඇති කාබනික පොහොර සම්බන්ධයෙන් අදාල සමාගමේ හිමිකරු ලබාදී ඇති සියලු තොරතුරු සාවද්‍ය බව මේවන විට හෙළිව ඇතැයිද ඒ මහතා සඳහන් කළා.
අසූචි වල අන්තර්ගත ඊකෝලයි බැක්ටීරියාව මෙන්ම වගාවට අහිතකර අර්විනියා නැමැති බැක්ටීරියා විශේෂයද මෙරටට ගෙන ඒමට සැලසුම් කර ඇත කාබනික පොහොර අඩංගු බව තහවුරු වී ඇති බව පෙන්වාදෙන ගුණසේකර මහතා සඳහන් කරන්නේ අදාල පොහොර වල යුරියා සාන්ද්‍රණය ද කෘතීම ලෙස ඉහළ නංවා ඇති බවයි.
දේශපාලනඥයින් රටට කළ හානිය
මෙම සාකච්ඡාවට එක්වූ සමන්ත ගුණසේකර මහතා තවත් විශේෂ අනාවරණයක් කිහිපයක් සිදු කළා.
ගාමිණී දිසානායක, ආර් ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරුන් විසින් කලින් කලට විද්වතුන්ගේ සහ විද්‍යාඥයන්ගේ උපදෙස් පිළි නොගනිමින් තම දේශපාලන බලය යොදාගනිමින් ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට ජෛව පද්ධතිය බරපතළ හානිය පිළිබඳව සාක්ෂි සහිතවම කරුණු රැසක් අනාවරණය කරනු ලැබුවා.
අදාළ සම්පුර්ණ වැඩසටහන පහළින්..
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට