Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කාබනික පොහොර කතාවත් ඉවරයි : රිවස් වෙනුවට යූ ටර්න් එකක් ගස්සවයි

රටේ කෘෂිකර්මය හාන්සි කරවා ආහාර හිගය මුව විටට පැමිණි කළ සියල්ලන් කළබල වෙලා ද?

රසායනික පොහොර, වල් නාශක සහ කෘමි නාශක මෙරට භාවිතාව සහ ගෙන්වීම මුළුමනින්ම තහනම් කිරීමට ජනාධිපතිවරයා ගෙන තිබූ තීරණය මුළුමනින්ම ආපසු හරවා ඇති බව වාර්තාවනවා.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ සඳහන් කරන්නේ නිසි ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක ශාක පෝෂක සහ ශාක ආරක්ෂක මෙරටට ගෙන්වීමට යළි අවසර ලබාදීමට තිරණය කළ බවයි.

“කෘෂි ප්‍රතිපත්තිය නිර්මාණය කරන්න එකතු වෙච්ච ප්‍රවීණ මහාචාර්යවරු සහ පරිපාලක නිලධාරීන් 11 දෙනෙක් අපි එකතුවෙලා අපි ඒකේ හැදුවා අවදානම් කලමනාකරන සැලැස්මක්. ක්‍රමානු කූලව, විද්‍යාත්මකව ශාක පෝෂක සහ ශාක ආරක්ෂක නියමිත නිර්දේශ ප්‍රමිතීන්ට සහ ඉතා ඉහළ ගුණාත්මයෙන් යුතු ඒවා අරගෙන මේ ගමන කොහොමද යන්නේ කියන එක අපි ඉතා විස්තරාත්මක වාර්තාවක්, සංකල්ප පත්‍රිකාවක්, කෘෂි සිතියමක් අපි එතුමාට ලබාදුන්නා.

මේ ඇතිවෙලා තියෙන කාලගුණික තත්වයත් අවදානයට ලක් කරලා, දැනට ඇතිවෙලා තියෙන තත්වයන් තුළ අපිට ආහාර සුරක්ෂිත තාවය ගැන විශේෂ අවදානයක් යොමු කරන්න තියෙන හින්දා අපි අර කියන හොඳ පොහොර වර්ග හැකි ඉක්මනින්, විශේෂයෙන් එළවළු වගාවන්ට වී වගාවන්ට සහ හානියට පත්වෙන්න හැකියාවක් තියෙන බඩඉරිඟු වැනි වගාවන්වලට අවශ්‍ය නිර්දේශ ප්‍රමාණ අනිකුත් කාබනික පොහොර සමග ලබා දෙන්න තමයි අපි තීරණය කළේ.

ප්‍රථම අදියරේදී විශේෂයෙන්ම අපි වී සහ තේ, පොල්, රබර්, එළවළු මේවට අවශ්‍ය කරන ශ්‍රී ලංකාවේ දැනට නැති ඒවා හැකි ඉක්මනින් සපයාගෙන එහෙම නැත්නම් දැනට තේ, පොල්, රබර්වලට ලබාදෙමින් තියෙන ඒවා වී වගාවට ලබා දීලා ඒක නැවත රිප්ලේස් කරන්න වගේ වැඩපිළිවෙලක්, ඒ තුළින් ඇත්තටම ප්‍රමිතියෙන් යුත් ඉහළ වගාවට නිර්දේශිත පලිබෝද නාශක, සහ කෘමිනාශක වැනි ඒවා ලබාදීමට තමයි අපි යන්නේ.” යැයිද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සඳහන් කරයි.

About The Author