Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කාදිනල් හිමියන්ගේ යුක්තිය ඉල්ලන සටන වෙනුවෙන් අපිත් ජාත්‍යන්තරයට යනවා – පාහියන්ගල ආනන්දසාගර හිමි

අගමැතිට රෙදි ඇඳන් වතිකානයට යන්න බෑ – රටේ ස්වෛරීත්වය බරපතල අනතුරක

කාදිනල් හිමිපාණන්ගේ සටනට දායකත්වයක් ලබාදීමේ අරමුණෙන් ජාත්‍යන්තර බෞද්ධ සංවිධාන සහ බෞද්ධ රටවල් වලට සංදේශයක් බාරදීමට කටයුතු කරන බවත් යුක්තිය ඉල්ලා ජාත්‍යන්තරයට යන බවත් පුජ්‍ය පාහිංගල ආනන්ද සාගර හිමි පවසනවා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ මෙරට තානාපති කාර්යාල හරහා ඊට අදාළ සංදේශ කිහිපයක් බාර දීමට කටයුතු කරන බවයි.

මේ වන විට මිනිසුන්ගේ ජිවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා මැදහත්වන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටීමට සිදුව තිබෙන බව උන්වහන්සේ මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළා.

පාස්කු දින ප්‍රහාරය සිදුවුනේ පැහැදිලිව වත්මන් ආණ්ඩුව දැනුවත්ව බවට චෝදනා කළ පිරිස් බිය වැද්දීම හරහා බරපතල ප්‍රශ්නයක් මතුව ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ අගමැතිවරයාගේ ඉතාලි සංචාරය පිළිබඳව ද අදහස් පලකළා.

උන්වහන්සේ පෙන්වා දුන්නේ අගමැතිතුමන් ඇතුළු පිරිසට රෙදි ඇඳගෙන වතිකානුවට යාමට නොහැකි බවයි.

About The Author