නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂමන්ද සිල්වා මහතා පාසල් සිසුවකුට බත් කවන ඡායාරූපයක් සමාජ මධ්‍යවල හුවමාරු වනවා.
නවගමුවේ පාසලක් අසල සුපුරුදු රථවාහන රාජකාරියේ නිරත වෙමින් සිටියදී පාසල් බස් රථයකින් බසිමින් සිටි සිසුවකු එකවරම ක්ලාන්තය හේතුවෙන් බිම ඇද වැටි තිබෙනවා.
එම ස්ථානයට පැමිණ ස්ථානාධිපතිවරයා සිසුවා වහාම ජිප් රථයේ නංවාගෙන ගුරුවරයකු සමග නවගමුව රෝහල වෙත රැගෙන යන අතර සිසුවා උදේට ආහාර ගෙන නොමැති බවට හෙළි වීමෙන් පසු ස්ථානාධිපතිවරයා අසල හෝටලයක් වෙත රැගෙන ගොස් ආහාර ලබාදීමට කටයුතු කර තිබෙනවා.
බිම ඇද වැටීමෙන් සිසුවාගෙන් දකුණ අතේ ඇඟිල්ලක් තැලී තිබීම හේතුවෙන් ඔහුට අතින් ආහාර ගැනීමට නොහැකි වී ඇති අතර, එය දුටු ඇති ස්ථානාධිපතිවරයා සිසුවාට බත් කැවීමට කටයුතු කර තිබෙනවා.
බත් කැවීමෙන් පසු සිසුවා ජිප් රථයෙන්ම ගුරුවරයා සමග රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර සිසුවාගෙන් මාපියන්ට සිද්ධිය දන්වා ඔවුන්ය කැඳවා ඔවුන් වෙත භාරදීමටද ඔහු කටයුතු කර තිබෙනවා.
මේ මානුෂිය ක්‍රියාව මේ වනවිට බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්ව තිබෙනවා,
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්