Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ක්ලබ් වසන්ත අහු වුණේ උගුලකටදැයි සැක – මුලික විමර්ශන වලදී මතුවූ කරුණු මෙන්න

ක්ලබ් වසන්ත අහු වුණේ උගුලකටදැයි සැක

කැරොකේ අවන්හල් ජාලයක හිමිකරුවෙක් වන ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් කැරොකේ වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කරමින් සහ ජනප්‍රිය ගායිකා කේ. සුජීවා ඇතුළු සිව් දෙනෙකුට තුවාල සිදුකරමින් අතුරුගිරියේ ටැටූ රූපලාවණ්‍යාගාරයක දී ඊයේ (08) එල්ලවුණු වෙඩි ප්‍රහාරය ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන කංජිපානි ඉම්රාන් විසින් මෙහෙයවා ඇති අතර වෙඩි තැබූ සෑම උණ්ඩයකම පාහේ KPI ලෙස සටහන් කර තිබී ඇත.

කංජිපානි මත්කුඩු ජාවාර‍ෙම් යෙදෙන්නේ KPI ලෙස සන්නාමයක් යොදා ගෙනය. ඔහු විසින් ඇණවුම් කරන මත්කුඩු පකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් මෙරටට එවන විට පවා KPI ලෙස සටහන් තබන බව බුද්ධි අංශ සඳහන් කරයි.

මෙතෙක් ඉතිහාසයේ පාතාල අපරාධකරුවන් වෙඩි උණ්ඩයේ සිය නම සටහන් කර වෙඩි තබා නැති බවත් එසේ පාතාල සිය නම වෙඩි උණ්ඩයේ සටහන් කර එල්ල කළ ප්‍රහාරය වන්නේ මෙය බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

පුද්ගලයන් දෙදෙනෙක් ටී 56 අවි දෙකකින් මෙම වෙඩි තැබීම කර ඇති අතර, එම අවිවලින් පිටවූ උණ්ඩවල හිස්කොපුවල පැහැදිලිවම KPI යනුවෙන් පෑනකින් සටහන් කර ඇති බව විමර්ශන නිලධාරින්ට පෙනී ගොස් තිබේ.

මෙම පතරොම්වල පැහැය සාමාන්‍ය පතරොම්වලට වඩා වෙනස් බැවින් යම් ද්‍රාවණයක් එහි ආලේපකර තිබේ දැයි දැන ගැනීමට රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ගැනීමට ද නියමිත බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

දැනට සැක කරනුයේ මෙම පතරොම්වල රන් ආලේපිත කර ඇති බවය.

කැරොකේ වසන්ත විසින් වෙඩි නොවදින සුරයක් පලඳින අයෙක් බැවින් සුරයේ බල බිඳිමින් ඔහුට වෙඩි තැබීමට පතරොම්වල රන් ආලේපිත කර තිබේදැයි සැකයක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම්වල සිටින ඇතැම් නිලධාරින් සැක කරති. මෙම වෙඩි තැබීම කැරොකේ වසන්තම ඉලක්කරගෙන එල්ලවී ඇති බව පෙනී යන බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

කැරොකේ වසන්ත ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරය එල්ලවුණු රූපලාවණ්‍යාගාරය බළපිටියේ තරුණයෙකුගේ බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද එම රූපලාවණ්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට සම්බන්ධ වී ඇත්තේ ඇයට ලද ආරාධනාවකට අනුව කලාකාරිනියක් ලෙස බව පෙනී යන්නේ යැයි පොලිසිය කියයි.

බළපිටියේ සිට පැමිණ අතුරුගිරියේ රූපලාවණ්‍යාගාරයක් දැමූ මෙම තරුණයා සහ කැරොකේ වසන්ත අතර ලොකු සම්බන්ධයක් ඇති බව විමර්ශනයේ දී පෙනී ගොස් නැත.

එම තරුණයාව කිසියම් පිරිසක් මෙහෙයවා ඔහු මඟින් කැරොකේ වසන්ත අනාරක්ෂිතව එහි ගෙන්වාගෙන මෙම වෙඩි තැබීම සිදු කළේ දැයි සැකයක් මතුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

වෙඩි තැබීමෙන් එම තරුණයාගේ බිරිඳට ද තුවාල සිදුව ඇතත් ඔහුට කිසිදු තුවාලයක් නැති බව ද එම නිලධාරියා කීය.

©දිනමිණ

About The Author