අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් වෙනත් පාර්ශ්වයකට හුවමාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ දරමින් සිටින බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වල ඇති මුදල්, තෙවැනි පාර්ශ්වයකට යැවීමට කිසිදු උත්සාහයක් නොගත් බවයි.
එම නිවේදනයේ මෙසේද දැක්වෙයි….”ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුග්‍රාහක ආදායම සහ අනෙකුත් මුදල් ලැබෙන්නේ අමෙරිකානු ඩොලර් වලින්. එම මුදල් අමෙරිකානු ඩොලර් ගිණුම්වල රඳවා තබන්නේ විනිමය වෙනස්කම්වල වාසිය ලබාගැනීමට. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙරට එදිනෙදා කටයුතු පවත්වා ගෙන යෑමට සහ පාර්ශවකරුවන්ට සහ සැපයුම්කරුවන්ට කළයුතු ගෙවීම සඳහා මුදල් අවශ්‍යයි. ඒ සඳහා අමෙරිකානු ඩොලර් ගිණුම්වලින් සාමාන්‍යයෙන් අවශ්‍ය ඩොලර් ශ්‍රී ලංකා රුපියල්වලින් පවත්වාගෙන යනු ලබන ගිණුම් වෙත හුවමාරු කරනවා.”
එබැවින් “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වලින් මුදල් පිටතට ඇදීමට උත්සාහ දරනවා…” යනුවෙන් පැවසීම වැරදි සහගත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහළින්,



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට