ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය පොලීසිය විසින් වසා දමා තිබේ.
ඒ අනුව මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ඇත.
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් වැළැක්වීම සඳහා මේ වනවිට පොලීසිය සහ හමුදාව කැඳවා ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගය තාවකාලික ව වසා ඇති බව සඳහන්ය.
මේ අතර, දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය අද (09) පාර්ලිමේන්තුවේ දී මේ වන විට පැවැත්වෙයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට