වැඩි කළයුතු ගණනත් කියයි
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 43ක්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 28ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 60ක් මේ වනවිට පාඩු ලබන බවත් ඉන්ධන මිල ඉහළ දමා හෝ පිරිපහදුව ක්‍රියාත්මක කරමින් පවත්වාගෙන යා යුතු බවත් ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතිය වන වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති (ඛනිජ තෙල් ශාඛාව) බන්දුල සමන් කුමාර මහතා පවසනවා.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලනය මොනයම් හෝ ක්‍රමයකට බහු ජාතික සමාගමක් අතට පත්වුවහොත් ඩීසල් ලීටරයක් 250ක් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 275ක් දක්වා ඉහළ යන බවද ඔහු සඳහන් කරනවා.
ඉන්දිය ඔයිල් සමාගම (IOC) පාඩු ලබන ඉන්ධනවලින් ඉවත්ව ලාභ ලබන ව්‍යාපාරයක් පමණක් කරන බවත් රාජ්‍ය ආයතනයක් හැටියට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජාතික අවශ්‍යතාව ඉටු කළ යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව බහු ජාතික සමාගමක් අතට පත් වීමේ ප්‍රවණතාවයක්ද පවතින බවද ඔහුගේ අදහස් අනුව පැහැදිලි වීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට