ප්‍රකට මාධ්‍යවේදියෙකු වූ ජමාල් කෂෝගිගේ අතුරුදන්වීම සහ ඝාතණය පිළිබඳ සවිස්තරාත්මක එක්සත් ජනපද බුද්ධි වාර්තාවක් නිකුත් කිරීමට පෙර ජනාධිපති ජෝ බයිඩෙන් හා සෞදි අරාබියේ රජු වන සල්මාන් බින් අබ්දුලාසීස් අල්-සෞඩ් සමඟ කිසියම් සාකච්ඡාවක් සිදු වීමට නියමිත ය.
ඇක්සියෝස් ප්රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කළේ “මෙම වාර්තාව හේතුවෙන් සෞදි දේශපාලන ලෝකය තුළ ආන්දෝලනයක් ඇති වනු ඇත.” යනුවෙනි. මන්දයත් වාර්තාව තුළ නම් සඳහන් වන වැරදිකරුවන් අතර රජුගේ එක් පුත්‍රයෙකුගේ නම ද පැටලීමට ඉඩ ඇති බැවිනි.
විමර්ශන කටයුතු නියමිත පරිදි ඉදිරියට ගියහොත්, අදාළ සාකච්ඡාව සඳහා දෙනු ලබන ඇමතුම එක්සත් ජනපද ජනාධිපති බයිඩෙන් සහ සල්මාන් රජු අතර සිදු වන පළමු සංවාදය වනු ඇත.
මේ වන විටත් කෂෝගිගේ නඩුවට අදාළ වන වෙනත් සාක්ෂිවල විමර්ශන කටයුතු සිදු කිරීම ආරම්භ වී ඇත.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර