Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කවුද ගත්තේ කියලා නොදන්න ණයත් මම ගෙව්වා : මුදල් ඇමති බැසිල්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ගත්තේ කවුදැයි කියා නොදන්නා ණයක් ගෙවා දැමීමට තමා කටයුතු කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

පසුගියදා කුරුණෑගල දී පැවැති උත්සවයකට එක්වෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ පසුගියදා ගෙවා දැමීමට කටයුතු කළ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදල එලෙස තමන් ගෙවා දැමු බවයි.

එමෙන්ම පක්ෂයට කිසිදා රට නැවත බාරදෙනවාද නොදෙනවාද යන්න වෙනම කරුණක් බවද ඔහු එහිදී සඳහන් කළා.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය පහළින්..

රටට නිදහස ලැබිලා වසර හැත්තෑ ගණනක් වෙන්වා.

කවුරුත් අහල තියනවද ණය ගත්තට නෙමෙයි ණය ගෙව්වට බැනුම් අහපු මුදල් ඇමති කෙනෙක්.

අපිට බනින්නෙ දැන් මේ ණය ගෙව්වයි කියලා.

ළඟදි ගෙවන්න තිබුණා ඇමරිකානු ඩොලර් මිලියන 500ක්.

අපි ගත්ත ණයක් නෙමෙයි ඒක. මේක කවුරු ගත්තද කියලා මම දන්නෙත් නැහැ.

තව ඉස්සරහටත් ගෙවන්න තියෙනවා. මේ අවුරුද්දේ පමණක් අපිට සමස්ත ණය වල පොලිය සමග ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් ගෙවන්න වෙනවා.

මම මේ රටේ ජනතාවට සහතික වෙනවා අපිට ගෙවන්න තියෙන හැම ඩොලර් එකක්ම ගෙවනවාමයි කියලා. ඒකට අපිට ශක්තියක් තියෙනවා. මම වගකීමෙන් කියන්නේ.

මම ඉල්ලනවා විපක්ෂයෙන් ණය ගෙව්වේ නැත්නම් බනින්න, ගෙවල ඔහෙලට මේ පරම්පරාවේ නම් බලයට එන්න බෑ.

හැබැයි වෙන පරම්පරාවක හරි බලයට එනකොට ණය නැති රටක් බාර දෙන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අධිෂ්ඨාන කරගෙන ඉන්නවා කියන එක කියන්න ඕන.

බාර දෙනවද නොදෙනවද කියන එක වෙන එකක්.

කෙසේ වෙතත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා පවසන ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලට අදාළ බැඳුම්කරවල ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂ පවුලේ සහ කබ්බ්‍රාල් ඔවුනට හිතවත් පුද්ගලයින් බවයි.

එබැවින් එම මුදල ගෙවා දැමීමට රජය උනන්දු වූ බවද ඔහු සඳහන් කළා.

About The Author