Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කයි දුන්නා නම් වැඩ පෙන්වන්න – කරාපිටියේ “කොරෝනා කරල්” දොස්තරට කොවිඩ් වාට්ටුව භාර දෙයි

කලිනුත් ඕවා කළා, අලුත් දෙයක් නෙමෙයි කියා දොස්තර වැඩ භාර ගනී

කොරෝනා ආසාදනය වී බරපතල තත්වයෙන් පසුවන රෝගීන් පවා තමා විසින් නිෂ්පාදනය කළ කරලක් ලබාදීමෙන් සුවපත් කළ හැකි බව පැවසූ කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර ගුණවර්ධන මහතාට එම රෝහලේ කොරෝනා වාට්ටුව භාරදීමට රෝහල් අධ්‍යක්ෂක වරයා පියවර ගෙන තිබෙනවා

වෛද්‍ය උදාර ගුණවර්ධන මහතා පසුගිය දිනවල මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කොරෝනා හේතුවෙන් කරාපිටිය රෝහලට පැමිණෙන ජනතාව විදින දුක් ගැහැට පිළිබඳව පැහැදිලි කළා.

අදාල වෛද්‍යවරයා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුවට මාරු කරමින් රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඔහුට ලිපියක් යොමු කර තිබෙනවා.

“කොවිඩ් රෝගීන් සම්බන්ධයෙන් ඉතාමත් මානුෂීය අයුරින් කටයුතු කළ හැකි ආකාරය මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මෙරට ජනතාව නිරතුරුවම දැනුවත් කරමින් සිටින බැවින් ඔබගේ සේවය ඔබ ලබා ඇති අත්දැකීම්වලට අනුව කොරෝනා ආසාදිත රෝගීන් වෙත උපරිමයෙන් ලබාදීම සඳහා දැනට කොරෝනා ප්‍රතිකාර ඒකකයක් වශයෙන් යොදාගෙන ඇති වාට්ටු අංක 36 වෙත 2021/08/18 සි සති 4ක කාලයක් සඳහා අනියුක්ත කරමි” යනුවෙන් කරාපිටිය රෝහලේ අධ්‍යකෂවරයා යොමුකළ ලිපියේ දැක්වෙනවා.

ලිපියේ භාරගත් උදාර ගුණවර්ධන මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙන්නේ කොරෝනා වාට්ටුවක සේවය කිරීම තමන්ට අලුත් දෙයක් නොවන බවත් මියයමින් සිටින රෝගීන්ට ද සුවපත් කිරිමේ බලාපොරොත්තුවක් ඇති කිරීමට තමන්ට හැකි වනු ඇති බවත් ය.

සබැඳි පුවත් – කරාපිටිය වෛද්‍යවරයෙක් පැණි දම්මිකට අඳි – අත හිත ඕෂදී හේවාමද්දුමගෙන්, ජනතාව ඇන්දවීමට ගිය තවත් වංචාවක සුලමුල එළියට

About The Author