නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලයේ සේවකයින් පස් දෙනෙකු කොරෝනා අසාදිතයන් බව හදුනා ගැනීමෙන් අනතුරුව ඊයේ (28) රාත්‍රීයේ ම නිරෝධනය සදහා යොමු කර තිබෙනවා.
ඔවුන් පස් දෙනාගෙන් හතර දෙනෙකු ආරක්ෂක අංශ සාමාජිකයන් වන අතර අනෙක් පුද්ගලයා සේවය කරන්නේ අමාත්‍යංශ රියදුරෙකු ලෙසයි.
දෙපාර්තමේන්තුවේ පහල මාලයේ පිහිටි ආපණ ශාලාව පවත්වාගෙන යන පුද්ගලයෙකු විසින් අවශ්‍ය මාළු මිලදී ගැනීම සදහා පැලියගොඩ මත්ස්‍ය වෙළද පොලට ගොස් තිබෙනවා.
මේ වන විට සැක කෙරෙන්නේ ඔහු හරහා වෛරසය සම්ප්‍රේෂණය වන්නට ඇති බවයි.
කොරෝනා අවදානම පිළිබද කන වැකීමත් සමග අද දිනයේ කම්කරු දෙපාර්තමේන්තුවේ බොහෝ සේවක සේවිකාවන් පිරිසක් රාජකාරියට වාර්තා කර නොමැති අතර සේවා ලබා ගැනීම සදහා පැමිණි බොහෝ දෙනෙකුට හිස් අතින් හැරී යාමට සිදුව තිබුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට