Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කබ්රාල් මහ බැංකුවේ තීරණයක් රිවස් කරයි

වාහන සහ දේපළ හිරවුණු ජනතාවට සහ ණය බරින් හිරවුණු ව්‍යාපාරිකයන්ට සහන යෝජනා කරයි

අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පනවා තිබූ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (01) ප්‍රකාශ කර තිබෙනවා.

ඒ මීට පෙර එනම් සැප්තැම්බර් (09) වෙනිදා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ කාණ්ඩ 11ක් යටතේ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ 623 තීරණය ආපසු හරවමින්.

එම සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව හේතුවෙන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් බවත් එය සලකා බලා අදාළ නියෝගය වහාම අත්හිටුවන බව අධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සය මාසික මාර්ග සැලැස්ම එළිදක්වමින් අධිපතිවරයා මෙම කරුණු සඳහන් කිරීම විශේෂත්වයක්. 

ඒ අනුව පරාටේ එක්සිකියුෂන් (Parate execution) යටතේ කෙරෙන දේපළ සහ වාහන පවරාගැනීම තවත් මාස හයක් දක්වා නවත්වැන්නැයි බැංකු සහ බැංකු නොවන ක්ෂේත්‍රයට නියෝග කරන බව අධිපතිවරයා පවසා තිබෙනවා.

දැනට ලබා දී තිබෙන ණය ප්‍රමාද කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ද්‍රවශීලතා පහසුකම් සැපයීම සඳහා මහ බැංකුව ඉදිරිපත් වන බව ද ඔහු පවසා තිබෙනවා.

‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට ණය වැඩිපුර ගෙවීමට සිදුව ඇත්නම් ණය ගෙවීමට අපහසු නම් ණය ගෙවීම් පමා වන්නේ නම් එම ව්‍යාපාරවලට සහන දීම රුපියල් මිලියන 15,000ක් වෙන් කරන බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කිරීම විශේෂත්වයක්.

ඒ සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුන තුළ දී වැඩිදුර විස්තර සහිත නිවේදනයක් නිකුත් කරන බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

© මුලාශ්‍රය – ලංකාදීප

About The Author