Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කබ්රාල් ඇමති ධුරයට සහ මන්ත්‍රී ධුරයට සමුදෙයි – එළඹෙන සඳුදා මහබැංකු අධිපතිධුරය භාර ගැනීමට සියල්ල සුදානම්

මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් සිත් තැවුලින් – විශ්‍රාම යන බව නිල වශයෙන් කියයි

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තමන් දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ මන්ත්‍රීධුරයෙන් ඉවත්වන බව දැනුම් දෙමින් ලිපියක් යොමුකර ඇති බව වාර්තවනවා.

ඒ අනුව ඉල්ලා අස්වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා එළඹෙන සඳුදා මහබැංකු අධිපතිධුරයේ රාජකාරි කටයුතු භාර ගැනීමට නියමිතව බවයි විශ්වාසවන්තදායක ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

මේ අතර ලබන මාසයේ 80වැනි උපන් දිනයේදී විශ්‍රාම යෑමට තීරණය කර සිටියත් පසුගිය සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බව මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සඳහන් කර තිබෙනවා.

මෙලෙස මහ බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් ලෙස තමාගේ මිතුරන් සහ හිතවතුන් සිතන බවද ඔහු සඳහන් කර තිබීම විශේෂත්වයක්.

About The Author