Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කතානායකයි, ජනාධිපතියි හැංගිමුත්තං සෙල්ලමේ ද? මේ නෑ : මේ ඉන්නවා කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තහවුරු කර ඇති බවට අද පස්වරුවේ තොරතුරු වාර්තා වුණා.

ඒ අනුව දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා එළඹෙන බදාදා දිනය වන විට නැවත මෙරටට පැමිණෙනු ඇතැයි ද කතානායකවරයා පවසා තිබුණා.

කෙසේ වෙතත් පසුව BBC මාධ්‍ය ආයතනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තවමත් රට තුළ සිටින බවයි.

ජනාධීපතිවරයා රටේ නැතැයි තමන් ප්‍රකාශ කළේ වැරදීමකින් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ ඇති නෞකාවක රැඳී සිටින බවයි.

About The Author