Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“කතානායකට එන්න කියාපිය – මේවට උත්තර දෙන්න කියාපිය” රන්ජන් වෙනුවෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේ විරෝධතාවක

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව හේතුවෙන් වසර හතරක සිරදඩුවමකට යටත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබානොදීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුව තුළ උණුසුම් වාතාවරණයක් නිර්මාණය වුණා.

රන්ජන් රාමනායක මහතාට හිමිවූ දඩුවම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වනවාද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

එවන් පසුබිමක් යටතේ රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු පැමිණීමට ඉඩ ලබා නොදීමට විරෝධය දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සභාගර්භයේ විරෝධතාවයක නිරත වී තිබෙනවා.

ඒ කතානායකවරයාටද විරෝධය පළකරමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය Twitter ගිණුමේ සටහනක් තබමින් අදළ විරෝධතාවයේ දර්ශන කිහිපයක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩලබා නොදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

About The Author