Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කතරගම දෙයියන්ටත් දැනෙන්නට ආණ්ඩුව පැනවූ නියෝගය!!

මාර්තු මස 22 වැනිදා සිට කතරගම පූජා භූමියේ පොලිතින් මල්මාලා වෙනුවට ස්වභාවික මල් මාලා භාවිතය අනිවාර්ය කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

වාර්ෂිකව කතරගම පුද බිමට පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව මිලියන 03ක් පමණ වන බවත් එහිදී ඔවුන් විසින් භාරහාර සඳහා භාවිත කිරීමට මිලට ගන්නා පොලිතින් මල් මාලා ප්‍රමාණය වාර්ෂිකව ලක්ෂ 10ක් පමණ වන බව අනාවරණය වී තිබෙනවා.

ප්‍රධාන වශයෙන්ම කතරගම දේවාලය සහ ගණ දේවාල සඳහා බැතිමතුන් විසින් සිදුකරන පුජාවන් වලදී මල්මාලා වැඩිවශයෙන් භාවිත වන බවයි හෙළිව ඇත්තේ.

ඒ අනුව ඉන් වාර්ෂිකව පොලිතින් කිලෝ ග්‍රෑම් 20,000 ක් පමණ කතරගම පූජා භූමියට මුදා හැරෙන බවද කතරගම නගර සභාව පරිසර අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මෙම තීරණය ගෙන ඇති අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ බම්බලපිටියේ ඇති හින්දු කෝවිල් සඳහාද මල මලා ගෙන්වනු ලබන්නේ ඉන්දියාවෙන් බවයි.

මේ නිසා වාර්ෂිකව විශාල විදෙස් විනිමයක් ඉන්දියාවට ගෙවීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළා.

බම්බලපිටියේ හින්දු කෝවිල් සඳහා අවශ්‍ය මල්මාලා ගෙන්වනු ලබන්නේ ඉන්දියාවේ සිට බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. මේ නිසා වාර්ෂිකව විදේශ විනිමය ප්‍රමාණයක් ඉන්දියාවට යන බවද ඔහු පවසනවා.

ලංකාව මල් අපනයනය කල ද ඒ සඳහා මෙතෙක් පුළුල් වෙළඳ පොළක් ගොඩනැංවී නොමැති බවද ඔහු සඳහන් කළා.

කතරගම පුජා භුමියේ පොලිතින් මල් මලා භාවිතය හේතුවෙන් සිදුවන පරිසර දුෂණය පිලිබඳ අදහස් පළකළ අමාත්‍යවරයා ලබන 22 වනදා සිට පොලිතින් මල මලා භාවිතය තහනම් කර දමන බවත් ඒ වෙනුවට කඩදාසි හෝ දිරා යන අමුද්‍රව්‍ය වලින් සාදන ලද මල්මාලා භාවිතයට ගැනීම අනිවාර්ය කරමින් අදාළ කටයුතු සම්පාදනය කරන බවත් සඳහන් කළා.

About The Author