Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කටුනායකට ආ ගුවන්යානා තුනක් හදිසියේම හරවා යැවේ

කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතව තිබූ ගුවන්යාන 03ක් මත්තල ගුවන්තොටුපොළට හා ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබෙනවා.

ඒ අද (19) උදෑසන පැවති ඝන මීදුම හේතුවෙනි.

චීනයේ ගුවැන්ෂු සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-881 ගුවන් යානය සහ සෞදි අරාබියේ රියාද් සිට පැමිණි UL-266 ගුවන් යානය මෙලෙස හරවා යවා තිබුණි.

මීට අමතරව, සෞදි අරාබියේ දමාම් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-254 ගුවන් යානය ඉන්දියාවේ කේරළයේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා ඇත.

උදෑසන මෙහෙයුම්වලට බාධා වූ මීදුම තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති බව වාර්තා වෙයි.

About The Author