Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කට්ටියට බෙදාගන්න ගම්මන්පිලගේ සහ විමල්ගේ කෑලි ගලවයි – විද්‍යාත්මක ඇමති මණ්ඩල කතා කුල්ල කුජිතුයි

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට තවත් ඇමැති ධුර තුනක් ලබාදෙමින් සහ වත්මන් රජයේ කැබිනට් ඇමැතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ අමාත්‍යාංශවල විෂය පථයන්හි වෙනස්කම් කරමින් නව කැබිනට් සංශෝධනයක් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවට රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.
 
බැසිල් රාජපක්ෂ මහතාට කැබිනට් ඇමැති ධුරයක් ලැබීමත් සමග රටේ ඉදිරි සංවර්ධන සහ ආර්ථික ඉලක්කයන් කඩිනම් කිරීම සඳහා මෙම නව කැබිනට් සංශෝධනය සිදුකිරීමට තීරණය කර ඇති බවයි වාර්තාවන්නේ.
 
ඒ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ ගිවිසුම් ප‍්‍රකාරව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ලැබිය යුතු ඇමැති ධුර ඉදිරියේදී ලබා දීමටත් විමල් වීරංවශ සහ උදය ගම්මන්පිල යන ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශවල විෂය පථයන් කිහිපයක් ඉවත් කර ඒවා වෙනත් ඇමැතිවරුන්ට පැවරීමට සැලසුම් කර තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරනවා.
 
එසේම නව කැබිනට් සංශෝධනය යටතේ ලබාදෙන ඇමැති ධුර භාර ගැනීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කැමැත්ත පළ කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජනාධිපතිවරයා සේම ආණ්ඩුවේ සෙසු සාමාජිකයින් පැවසු පරිදි විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් පත් කිරීම මෙන්ම අමාත්‍ය මණ්ඩලය දැවැන්ත ලෙස පුළුල් නොකිරීම යන කරුණු සියල්ල මේ වන විට නොසලකා හැර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

© මුලාශ්‍ර – දිවයින

About The Author