Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඖෂධ මිල 40%කින් ඉහළ යයි ..

ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය පනත යටතේ නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින් නිකුත් කර තිබේ. නව ගැසට් නිවේදනය ප්‍රකාරව 2019 ඖෂධ නියෝග යටතේ ගැනෙන පරිදි මිල ඉහළ සීමා මෙමගින් තවදුරටත් සංශෝධනය වනු ඇත.

මෙම නියෝග පළ කර ඇත්තේ, එය ප්‍රකාශයට පත් කරන ලද දිනයේ සිට සංශෝධිත පරිදි 2019 මැයි මස 15 වැනි දින අංක 2123/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2019 ඖෂධ (මිල ඉහළ සීමා) නියෝගවල උපලේඛනයේ පස්වැනි තීරුවේ නිශ්චිතව දක්වා ඇති උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලක් වන යම් ප්‍රතිශෝධිත සිල්ලර මිලකට 2021 අගෝස්තු මස 19 වැනි දින අංක 2241/43 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගවලින් සංශෝධිත 2019 මැයි මස 15 වැනි දින අංක 2123/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2019 ඖෂධ (මිල ඉහළ සීමා) නියෝග යටතේ යම් උපල්ඛනගත ඖෂධයක් විකුණනු ලබන යම් නිෂ්පාදකයෙකු හෝ ආනයනකරුවෙකු විසින් එම ප්‍රතිශෝධිත සිල්ලර මිල සමානුපාතිකව සම්පූර්ණ වශයෙන් 40%ක අගයක් යටතේ වැඩි කිරීමට නව ගැසට්ටුව මගින් අවසර හිමිව තිබේ.

එමෙන්ම විකිණීමේ කාර්යය සඳහා උපලේඛනගත ඖෂධ සන්තකයේ තබාගෙන සිටින සෑම වෙළෙන්ඳෙකු, බෙදාහරින්නෙකු, ඖෂධවේදියෙකු, වෛද්‍ය වෘත්තිකයෙකු,දන්ත වෛද්‍යවරයෙකු, පශු වෛද්‍යවරයෙකු, පෞද්ගලික වෛද්‍ය ආයතනයක් ඇතුළු වෛද්‍ය ආයතනයක්, ඔසුසලක් හෝ තැනැත්තකු විසින් උපලේඛනගත ඖෂධවල මිල, උපරිම සිල්ලර මිල හෝ ප්‍රතිශෝධිත සිල්ලර මිල යන දෙකෙන් වඩාත් අඩු මිලෙහි පවත්වාගෙන යා යුතු බව ද එම නිවේදනයේ සඳහන්වේ.

මෙම නව ඖෂධ මිල සංශෝධනය යටතේ ඖෂධ වර්ග 60ක මිල සියයට 40කින් ඉහළ යනු ඇත.

About The Author