මහජන ආරක්ෂක ඇමතිට දැලි පිහිය ලැබිලා වටේම කපනවා – ඥානසාර හිමිගෙනුත් යමක් ඉල්ලයි
මහජන ආරක්ෂක ඇමති පිස්සෙක් මෙන් දොඩවන බවත් වත්මන් රජයට එම අමාත්‍යධුරයට ඔහුට වඩා හොඳ කෙනෙකු සොයා ගැනීමට නොහැකිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කරනවා.
අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
මහජන ආරක්ෂක අමාත්‍යධුරය අඩුම තරමේ දයාසිරි ජයසේකර මහතාට හෝ බාරදෙන මෙන් රජයෙන් ඉල්ලා සිටින බවයි සරත් ෆොන්සේකා මහතා පවසන්නේ.
වර්තමානයේ සරත් වීරසේකර අමාත්‍යවරයා පිස්සු කතා කියමින් වඳුරාට දැලි පිහිය ලැබුනා මෙන් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළා.
එමෙන්ම ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගෙන් වැඳ නමස්කාර පූර්වකව සිදු කරන ඉල්ලීමක් පිළිබඳව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට