ග්‍රීකයේ සියුස් දෙවියන්ට ගෞරව කිරීම සඳහා ආරම්භ කරන ලද ඔලිම්පික් උලෙළ කාලයක් සමඟ ලොව පුරා ප්‍රසිද්ධ විණි. වසර 5කට වරක් පමණක් පැවැත්වීම මෙම තරගාවලියේ විශේෂත්වය යි. ලෝක යුද්ධයන් හේතුවෙන් 1916, 1940, 1944 යන වර්ෂවල ඔලිම්පික් උලෙළ නොපැවති නමුත් 1896 වර්ෂයේ නුතන ඔලිම්පික් උලෙළ පවත් වන ලදී. මෙම ඔලිම්පික් උලෙළ සඳහා කාන්තාවන් ප්‍රථම වරට සහභාගි වුයේ 1900 වර්ෂයේ පැරීසියේ දීය.
2020 වන වර්ෂයේ පැවැත්වීමට සැලසුම් කර තිබු ඔලිම්පික් උලෙළ ඒ ආකාරයෙන් ම සිදු කිරීමට නොහැකි විය. එයට ප්‍රධානතම හේතුව ලෝව පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිරී ගිය කොරෝනා වසංගතය යි. 2020 වර්ෂයේ පැවැත්වීමට නොහැකි වු ඔලිම්පික් උලෙළ 2021 වර්ෂයේ ජුලි මස 23 වන සිකුරාදා එනම්, ඊයේ දිනයේ සිට අගෝස්තු මස 09 වන දිනය දක්වා ටෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිතව ඇත.
1928 වර්ෂයේ සිට ගිම්හාන ඔලිම්පික් උළෙල තුළ කාන්තා ජිම්නාස්ටික් ක්‍රිඩාව ද නිළ ක්‍රිඩාවක් වන අතර පළමු කාන්තා ඔලිම්පික් ජිම්නාස්ටික් ක්‍රීඩකයින් ඇම්ස්ටර්ඩෑම් හි දී තරග වැදුණි. එතැන් පටන් එය ද ජාත්‍යන්තර ක්‍රීඩා අංශයේ ජනප්‍රියම ක්‍රීඩාවක් බවට පත් ව ඇත.
මෙහි දී ඉතිහාසගත වු ඔලිම්පික් කාන්තා ජිම්නාස්ටික් ක්‍රිඩාවේ විශ්ම ජනක අවස්ථා බොහෝ ය.
✰ එක්සත් ජනපදයේ පළමු කණ්ඩායම් පදක්කම 1948 දී
දෙවන ලෝක යුද්ධයෙන් පසු 1948 වර්ෂයේ ලන්ඩනයේ පැවැත්වුණු ප්‍රථම ඔලිම්පික් උලෙළේ දී එක්සත් ජනපද කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම සිව් වන පදක්කම හිමි කර ගත්තේය. ඔවුන් කණ්ඩායම් තරගවලින් පදක්කම් දිනා ගත් පළමු අවස්ථාව ද මෙයයි. එහි දී එක්සත් ජනපද කණ්ඩායමට ලෝකඩ පදක්කම හිමි වු අතර හංගේරියාව රිදී පදක්කම හා චෙකොස්ලොවැකියාව රන් පදක්කම දිනා ගත්තේය.
මෙහි සිටි කණ්ඩායම් නායක 27 හැවිරිදි ක්ලාරා ශ්රෝත් ලොමාඩි, එක්සත් ජනපද ජිම්නාස්ටික් ශුරතාවලියේ දී සමස්ත ශුරතා 6ක් දිනා ගනිමින් වාර්තාවක් තැබීමට සමත් වූවා ය.
✰ වගකීම ඉටු කළ ඔල්ගා කෝර්බට්
1972 මියුනිච් ඔලිම්පික් උළෙලේ වඩාත් ජනප්‍රියතම මලල ක්‍රීඩිකාවක වුයේ සෝවියට් සංගමයේ 17 හැවිරිදි ඔල්ගා කෝර්බට් ය. කෝර්බට් රන් පදක්කම් 3 ක් දිනාගත් අතර ඇයගේ නිර්භීත දස්කම්වලින් ප්‍රේක්ෂකයන් ආඩම්බරයට පත් කළාය. පසුපසට කරණම් ගැසූ පළමු ඔලිම්පික් ජිම්නාස්ටික් ක්රිඩිකාව ඇය වූ අතර බාර් එක අල්ලා ගැනීම සඳහා පසුපසට පෙරළීමක් කළ පළමු තැනැත්තිය ද වුවා ය. එම නිසා ඇය “කෝර්බට් ෆ්ලිප්” ලෙස නම් කර ඇත.
✰ නාඩියා කොමෙන්චි පළමු පරිපුර්ණ ලකුණු 10ට.
14 හැවිරිදි නාඩියා කොමෙන්චි ඔලිම්පික් උළෙලේක දී පරිපුර්ණ ලකුණු 10 ම ලබා ගත් පළමු ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට පත් විය. මෙම රුමේනියානු මලල ක්‍රීඩිකාව 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ අසමාන බාර්වල ඇයගේ දස්කම් සඳහා පරිපුර්ණ ලකුණු ලබා ගත් විට ලකුණු පුවරුවට එය පෙන්වීමට පවා නොහැකි විය. එයට හේතුව පුවරුව ඉලක්කම් 3ක් ප්‍රදර්ශනය කිරීමට මිස “10.00” ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර නොතිබුණු නිසාය.
කොමෙන්චි 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ දී තවත් පරිපුර්ණ 10ක් ලබා ගනිමින් රන් පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් විය.
✰ පිටගංකාර මේරි ලු රෙටන්
1948 දී 16 හැවිරිදි මේරි ලු රෙටන් නැගෙනහිර යුරෝපයෙන් පිටත රටකින් රන් පදක්කම් දිනා ගත් පළමු කාන්තා ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට පත්විය. 1976 ඔලිම්පික් උළෙලේ කොමෙන්චිගේ ඓතිහාසික රංගනයෙන් රෙටන් හට ජිම්නාස්ටික් ක්‍රිඩකයෙකු වීමට ආභාසය ලැබුණි. ඇය 1981 දී රුමේනියාවේ සිට එක්සත් ජනපදයට පලා ගිය කොමෙන්චිගේ පුහුණුකරුවන් වන බෙලා සහා මාර්ටා කරෝලි යටතේ ද පුහුණුව ලැබුවා ය.
1984 ලෝස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ දී රෙටන් පරිපුර්ණ ලකුණු 10ක් ලබා ගත්තා ය. ස්පෝර්ට්ස් ඉලස්ට්රෙිටඩ් ද රෙටන්ගේ ජයග්‍රාහී ඉරියව්ව නිසාවෙන් ඇය වසරේ ක්‍රීඩිකාව ලෙස නම් කළේ ය. ඇසෝසියේටඩ් ප්‍රෙස් විසින් වසරේ ක්‍රීඩිකාව ලෙස නම් කළ පළමු එක්සත් ජනපද ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට ද ඇය පත් විය.
✰ නිර්භීත කෙරී ස්ට්‍රග්
1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙලේට සහභාගි වු කෙරී ස්ට්‍රග් 18 හැවිරිදි ජිම්නාස්ටික් තරුවකි. පළමු වටයේ ඇය තමාගේ හපන්කම් පෙන්වීමට ආරම්භ කර සැනින් ම කකුලේ වළලුකරේ ඇට දෙකක් බිඳි ගියේය . නමුත් ජිම්නාස්ටික් පුහුණුකරු බෙලා කරෝලි (කොමෙන්චිගේ සහ රෙටන්ගේ පුහුණුකරු) ඇයව පිටතට ඇද ගැනීම වෙනුවට දෙවන වටය සඳහා සහභාගි විය යුතු යැයි බලපෑම් කළාය. පසු ඇය කකුලට බෙහෙත් ගල්වා ගෙන තරගයේ දෙවනි වටය සඳහා පෙනී සිටිද්දී ඇයගේ වේදනාව තවත් උග්‍ර වූ බව පෙනිණි.
නමුත් ඇයගේ නිර්භීතකම සහ කණ්ඩායම් හැඟීම හේතුවෙන් ඒ තරම් වේදනාවෙන් සිටිද්දීත් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තම තනි කකුලෙන් දස්කම් පෙන්නු ඇය සත්‍ය වශයෙන්ම ප්‍රශංසාවට ලක් විය යුතුය. පසුව ඇයව වේදිකාවෙන් ඉවතට රැගෙන යෑමට කටයුතු කරනු ලැබිණි.
✰ එක්සත් ජනපදයේ පළමු රන් පදක්කම ඩොමිනික් ඩේව්ස්
1996 ඇට්ලන්ටා ඔලිම්පික් යනු එක්සත් ජනපද කාන්තා ජිම්නාස්ටික් සඳහා ප්‍රධාන වසරක් විය. “මැග්නීෆිසන්ට් සෙවන්” ලෙස ප්‍රශංසා කරන එක්සත් ජනපද කාන්තා ජිම්නාස්ටික් කාණ්ඩායම, තරගයෙන් ප්‍රථම රන් පදක්කම දිනා ගත්තේය. කණ්ඩායමේ සාමාජික කෙරී ස්ට්රග්ගේ වළලුකර තුවාල වීම හේතුවෙන් 19 හැවිරිදි ඩොමිනික් ඩාවෙස් ස්ට්රග්ගේ ස්ථානය ලබා ගත්තා ය. එම තරගයේ දී ලෝකඩ පදක්කම දිනා ගත් ඩෙිව්ස්, ජිම්නාස්ටික් ක්‍රිඩාවෙන් ඔලිම්පික් පදක්කම දිනා ගත් පළමු කළු ඇමෙරිකානුවා බවට පත් වූවා ය.
✰ ගැබි ඩග්ලස් නම් කළු ඇමරිකානුවා.
2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී 16 හැවිරිදි ගැබි ඩග්ලස් තනි පුද්ගල ජිම්නාස්ටික් කාණ්ඩයේ රන් පදක්කමක් දිනා ගත් පළමු කළු ඇමරිකානුවා බවට පත්විය. ප්‍රේක්ෂකයන් ඇය සහ ඇගේ කණ්ඩායම හඳුන්වනු ලැබුවේ “දරුණු පහ ” ලෙස ය. ඔවුන් සමස්ත කණ්ඩායම් තරගයෙ දී ම රන් පදක්කමක් දිනා ගත් අතර , 1996 දී මැග්නීෆිසන්ට් සෙවන් තරගයෙන් පසුව එසේ කළ දෙවන එක්සත් ජනපද කණ්ඩායම බවට ද පත් විය.
✰ නව තරුව සිමෝන් බයිල්ස්
19 හැවිරිදි සිමෝන් බයිල්ස් 2016 රියෝ ද ජැනෙයිරෝ නුවර පැවති ඔලිම්පික් උලෙළට සහභාගි වන විටත් ඇය ලෝක ශුරතා රන් පදක්කම් දහයක් දිනා ගත් ජාත්‍යන්තර තරු ක්‍රීඩිකාවකි. රියෝ ඔලිම්පික් උළෙලේ දී බයිල්ස් තනි ඉසව් සඳහා රන් පදක්කම් 3ක් සහ සිව්වන පදක්කම දිනාගත් අතර එක්සත් ජනපද කණ්ඩායම “අවසන් පහ” යන අනුවර්ත නාමයෙන් නම් කරන ලදී. ඇය ඔලිම්පික් හා ලෝක ශුරතා පදක්කම් 30ක් දිනාගනිමින් සමස්ත එක්සත් ජනපද ශුරතා 7ක් දිනාගත් එකම කාන්තාව ලෙස නම් කළ හැකිය. ඇය අදටත් 2021 ටෝකියෝ ඔලිම්පික් උලෙළේ තරු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් කෙනෙකි.
ටෝකියෝ උලෙළේ ජිම්නාස්ටික් මූලික තරග ජුලි මස 24, 25 යන දෙදින තුළ දී පැවැත්වීමට නියමිත අතර අවසන් තරග 26, 27, 28, 19 සහ අගෝස්තු 1, 2, 3 යන දිනයන් හි දී පැවැත්වෙනු ඇත.
Writer By Ashmin
best👍