Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඔයා මෙහෙ තියාගන්න බෑ යන්න : සිංගප්පුරුව ගෝඨාභයට දින දෙයි : විශ්‍රාමික ජනපතිවරයෙකුගේ වරප්‍රසාද සහිතව නැවත ලංකාවට ?

අද සිදුවන බල පෙරලිය තීරණාත්මකයි

දැනට සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂට දින 15ක් තුළ එරටින් ඉවත් වන ලෙස සිංගප්පුරු බලධාරීන් විසින් දැනුම් දී ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිංගප්පූරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මහතාට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවකට මුහුණ දී ඇති බව ය.

සිංගප්පූරුවෙන් මැද පෙරදිග රටකට පිටත් ව යාමට හිටපු ජනාධිපතිවරයා සැලසුම් කර තිබුනද මෙතෙක් එය සිදුව නැහැ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඊළඟ ගමනාන්තය කුමක්දැ මෙතෙක් තහවුරු වී නැහැ.

අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව තුළ සිදුවන දේශපාලන බල දෝලනය අනුව නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි.

බහුතර බලයක් සහිතව පොහොට්ටුව නියෝජනය කරන පාර්ශවයට ස්ථිර රාජ්‍ය බලයක් අත පත් කර ගැනීමට ඉඩ ලැබුන හොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමිවන සියලු වරප්‍රසාද ලබාදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව දැනගන්නට තිබෙනවා.

නියමිත කාලයට පෙර ඉවත්ව ගියද 1986 අංක 4 දරන ජනාධිපතිවරයා ගේ හිමිකම් පිළිබඳ පනතේ හිටපු ජනාධිපතිවරයෙකු සඳහා හිමිවන වරප්‍රසාද සඳහන් වන අතර එහි ඔහු රැඳී සිටිය යුතු ධූර කාලයේ පිළිබඳව කිසිදු සඳහනක් නොකෙරෙන බවයි නීති තර්කය වී ඇත්තේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ බිරිඳට විශ්‍රාමික ජනාධිපතිවරකුට සහ ඔහුගේ බිරිඳට හිමිවන සියලු වරප්‍රසාද හිමි වනු ඇති බව සඳහන්.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණෙන බව පොහොට්ටුවේ සභාපති ජී එල් පීරිස් මහතාට ද මහතා ඇතුළු පිරිසකට පවසා ඇති බවට දුන් පසුගියදා පුවත් වාර්තා පළවී තිබුණා.

About The Author